Post Views: 185 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50 ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීම පසුගිය අගෝස්තු 28 වැනිදා ජනාධිපති අතින් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය එදින නිවේදනය කර තිබුනි. පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අතර නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම එක් නිවසක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 32කට ආසන්න වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කර තිබුනි. එසේම, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමටද කටයුතු කර ඇති අතර ප්‍රතිලාභීන් 10 දෙනකු වෙත සංකේතාත්මකව නිවාසවල යතුරු භාරදීම සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම එදින පැවති උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සිදු කල බවත් වාර්තා කර තිබුනි. එහි වැඩි දුරටත් සදහන්ව තිබුනේ ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ඉදි කරන ලද නිවාසවල පදිංචි ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමද එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි. කෙසේ වෙතත්, නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පසුගියදා (10) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතියේ හිමිකරුවන්ට එම ඉඩමේ අයිතිය සහිත ඔප්පුවක් රජය විසින් පිරිනමා නැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පාර්ලිමේන්තුව හමුවේ ලියවිලි දෙකක් ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ අදාල නිවාස බාර දී ඇත්තේ අවබෝධතා ගිවිසුමකින් පමණක් බවයි. “එදා ඔයාලා කබරගල වත්තේ කබරගල නිවාස ව්‍යපෘතියේ දුන්න ගෙවල් 50කට ඉඩම් හිමිකම් ඔප්පු දුන්නේ නැහැ. ඔයාලා දීලා තියෙන්නේ, මේ ගිවිසුම. මේක මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”“මේක ඇග්‍රිමන්ට් එකක්. මේක ගිවිසුමක්. මේකේ පැහැදිලිව ලියලා තියෙනවා. මේ ඉඩම් විකුණන්න බැහැ. උකස් කරන්න බැහැ. අයිතිවාසිකම් කියන්න බැහැ. ඉඩම් හිමිකම් ඔප්පුව වෙනයි. අවබෝධතා ගිවිසුම වෙනයි. ඒ වගේම මේකේ නම ඉඩම් හිමිකම් ඔප්පුව. එල්.ආර්.සි සභාපතිගේ අත්සන තියෙනවා. එන්විඩියා කියන යන්ත්‍රය මේකට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. ආයෙත් පෙන්වනවා. මේක ගිවිසුම. දෙකම එකට බලනවා නම් මෙන්න.” යනුවෙන් පවසා ඇත. Post navigation ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ නව වැඩසටහනක් ඇරඹේ.