අධිකරණ පුවත් වාර්තාකරණයෙහි යෙදී සිටින මාධ්‍යවේදීන්ගේ වෘත්තිය දැනුම වැඩි දියුණු කර වඩා විශ්වාසවන්ත හා වෘත්තිමය ආකාරයට අධිකරණ පුවත් ජනතාව වෙත රැගෙන යාම සදහා මාධ්‍යවේදීන් සදහා වැඩමුළුවක් අද (15) කොළඹදී පැවැත්විනි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (යුක්තියට සහාය ව්‍යාපෘතිය) ඒකාබද්ධව සංවිධානය කල මෙම එක්දින පුහුණු වැඩමුළුව සදහා කොළඹ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මේ සදහා, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා, ප්‍රවීණ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනෑන්ඩු, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව, මහාචාර්ය ශ්‍රී රංජන්, යන මහත්වරුන් ඇතුළු පිරිසක් දේශන පැවැත්වූහ.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකොන් මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ඇතුළු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, නීතිඥයින්, අධිකරණ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම වැඩ සටහන සදහා එක්ව සිටියහ.

By admin

One thought on “අධිකරණ පුවත් වාර්තා කිරිම හා මාධ්‍ය ආචාර ධර්ම ගැන වැඩමුළුවක්.”

Leave a Reply to anil kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *