ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ පාලිත පෙරේරාගේ නවතම සිනමා නිර්මාණය ”මායාබෝංචී” එළඹෙන දෙසැම්බර් 04 වනදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වීමට නියමිතය. මෙහි මංගල දර්ශණය ඊයේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුනි.

නිලාන් වීරසිංහ ගේ නිශ්පාදනයක් වන ”මායාබෝංචී” මෙරට ජනතාවට දීර්ඝ කාලයක පටන් ගැටළුවක්ව පවතින අලි-මිනිස් ගැටුමට මැදිවන ලමුන් පිරිසක් සහ ඔවුන් ඒ සදහා තමන්ටම ගැලපෙන විසදුමක් සොයාගන්නා ආකාරය ඉතාම කදිමට නිරූපනය කර ඇත.

පවුලේ සැමට නැරඹිය හැකි ආදර්ශමත් කතාවක් ගැබ්ව ඇති මායා බෝංචි ඉතාම රසවත් සිනමා නිර්මාණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You missed