Views: 369 රටපුරා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කළ “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව වසරක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් විශේෂ විෂ මත් නිවාරණ දැනුවත් කිරීමේ පා ගමනක් අද (05) උදෑසන කොළඹදී පැවැත්විණි. මහජනතාව දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍ය විරෝධී පණිවිඩය සමාජගත කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබූ මෙම පා ගමන අද පෙ.ව. 8.30 ට පමණ ගාලු මුවදොර පිටිය අසලින් ආරම්භ වී කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළේය. පුනරුත්ථාපන කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, තරුණ සංවිධාන සහ ප්‍රජා සංවිධාන රැසක නියෝජිතයන් මෙන්ම විශාල ජනකායක් මත්ද්‍රව්‍ය නිවාරණ බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමනට සක්‍රියව එක්ව සිටියහ. විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ “රටම එකට” ජාතික වැඩසටහන යටතේ ගෙවුණු වසරක කාලය තුළ සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට හැකිව තිබේ. A special narcotics prevention awareness walk was held in Colombo this morning (05) to mark the successful completion of one year of the “Ratama Ekata” national operation, launched with the objective of eradicating the drug menace across the country. Organized to raise public awareness and spread anti-drug messaging throughout society, the walk commenced at around 8:30 a.m. near Galle Face Green and proceeded to the Kollupitiya Junction. The walk saw the participation of state institutions—including the Rehabilitation Bureau—security forces, youth organizations, and numerous community groups. Prominent dignitaries in attendance included Minister of Public Security and Parliamentary Affairs Ananda Wijepala, Deputy Minister Sunil Watagala, Ministry Secretary Ravi Seneviratne, Inspector General of Police Priyantha Weerasooriya, Chairman of the National Dangerous Drugs Control Board Retired DIG J. A. K. Mark, Chairperson of the Rehabilitation Bureau Senior Professor Wasantha Subasinghe, and Commissioner General of Rehabilitation Brigadier M. S. Amit, among a large gathering of officials and citizens. Under the “Ratama Ekata” national program—which focuses on strictly enforcing the law against drug traffickers alongside rehabilitating and reintegrating individuals struggling with addiction back into society—numerous successful outcomes have been achieved over the past year. Post navigation ABU 63 වන මහා සමුළුවේ සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයකට. සංචාරක ප්‍රවර්ධන අරමුදලින් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහයක්. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ මහ නගර සභාවෙන් නව QR කේත පැමිණිලි පද්ධතියක් හඳුන්වා දෙයි.