Month: November 2026

තෑගි පාර්සල් ප්‍රකාශයෙන් දේශපාලන ආන්දෝලනයකට මැදි වූ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්. වෘත්තීය සමිති අරගල, සාම්පූර් බලාගාරය සහ අධිකරණයේ විභාග වන දේපළ ගනුදෙනුවත් යළි කරළියට.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පසුගියදා (8) මාලඹේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල සේවකයන්ට…

මාධ්‍යවේදීන් සඳහා වන ප්‍රථම සංඥා භාෂා පුහුණු පාඨමාලාව ආරම්භ කෙරේ. ஊடகவியலாளர்களுக்கான முதலாவது சைகை மொழி பயிற்சி நெறி ஆரம்பம்.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් මාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන ප්‍රථම සංඥා භාෂා පුහුණු පාඨමාලාව…

ඉරාන යුද්ධය මුල්කරගෙන ඇමරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක්. Impeachment against US Defense Secretary over the Iran War

ඉරානය සමඟ පවතින යුදමය ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා පියවර ගෙන තිබේ. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ නියෝජිත තෝමස් මැසී…

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මෙහෙයුම් කාර්යාලයක්. டெங்கு ஒழிப்பு நடவடிக்கைகளுக்காக சுகாதார அமைச்சினால் புதிய செயல்பாட்டு அலுவலகம்.

දිවයිනේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව ඩෙංගු මදුරු මර්ධන මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. ඩෙංගු මර්ධන මෙහෙයුම් සහ…

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ වෛද්‍යවරු කොළඹදී විරෝධතාවක. பல கோரிக்கைகளை முன்வைத்து அரச மருத்துவர்கள் கொழும்பில் போராட்டம்.

වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (10) කොළඹදී විරෝධතාවක් ආරම්භ කර තිබේ. කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාව…

රඹෑවේ බස් රථ තුනක් එකිනෙක ගැටී මාරක අනතුරක් – පුද්ගලයන් සිව්දෙනෙකු මරුට, 76කට තුවාල. ரம்பேவையில் மூன்று பேருந்துகள் மோதி கொடூர விபத்து – நால்வர் உயிரிழப்பு, 76 பேர் காயம்

අනුරාධපුර, රඹෑව, වැලිඔය හන්දිය ආසන්නයේ A9 මාර්ගයේ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 76 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (10) පෙරවරු…

“කප්තුරු සවිය” ජාතික වැඩසටහන යටතේ බදුල්ලට සහ හාලි ඇලට පොල් පැළ 3,000 ක්.

ගෘහස්ථ පොල් වගාව ප්‍රචලිත කරමින් ජාතික පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “කප්තුරු සවිය” ජාතික වැඩසටහන යටතේ බදුල්ල සහ හාලි ඇල ප්‍රදේශවල ජනතාව වෙත පොල් පැළ 3,000ක් නොමිලේ බෙදාදීම…

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කෙරේ.

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කර තිබේ. මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා විසින් මෙම…

පරිසර හිතකාමී කර්මාන්ත හා ව්‍යාපාර ඇගයූ ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2026 කොළඹදී. National Cleaner Production Awards 2026 Honour Environmentally Responsible Industries and Businesses in Colombo.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Centre – NCPC Sri Lanka) විසින් සංවිධානය කරනු ලැබූ ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2026 (National Cleaner Production Awards 2026) ප්‍රධාන සම්මාන උළෙල ඊයේ…

සමුළුවෙන් පස්සෙ ලංකාව ගැන ප්‍රවර්ධනයක් වෙයිද? – ජනමාධ්‍ය ඇමතිට ප්‍රශ්නයක්

ආසියා-පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා දැවැන්ත වියදමක් දැරීමත්, ඒ වෙනුවෙන් ලබාදුන් මූල්‍ය අනුග්‍රහයේ අරමුණ හා ඉන් අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳවත් මේ වනවිට ප්‍රශ්න මතුව…

You missed