Views: 556 මාධ්‍යවේදීන් සඳහා නොමිලේ සංවිධානය කර ඇති ප්‍රථම සංඥා භාෂා පුහුණු පාඨමාලාවේ සම්බන්ධීකරණ කටයුතුවලදී සිදුව ඇතැයි කියන පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පාඨමාලාවට තේරී පත්වූ මාධ්‍යවේදියෙකු විසින් අදාළ බලධාරීන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් සංවිධානය කර ඇති මෙම පාඨමාලාව සඳහා මාධ්‍යවේදීන් 20 දෙනෙකු තෝරාගෙන තිබිණි. එහි සමාරම්භක උත්සවය නොවැම්බර් 10 වැනිදා බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙනි. පාඨමාලාවේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සහභාගිවන්නන්ගේ WhatsApp දුරකථන අංක ලබාගෙන සමූහයක් නිර්මාණය කිරීමට ද එහිදී කටයුතු කර තිබේ. එමෙන්ම අඟහරුවාදා දින පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් වැඩි පිරිසක් සහභාගි වන බැවින් සෑම බදාදා දිනයකම පුහුණු සැසි පැවැත්වීමට තීරණය කර තිබූ බව ද පැමිණිලිකරු සඳහන් කරයි. කෙසේ වෙතත්, පළමු පුහුණු දිනයේදීම තම දුරකථන අංකය අදාළ පාඨමාලා සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත WhatsApp පණිවිඩයක් මගින් ලබාදුන්නද, ඊළඟ පුහුණු දිනය වන නොවැම්බර් 18 වැනිදා වන විටත් තමන් අදාළ WhatsApp සමූහයට ඇතුළත් කර නොතිබූ බව ඔහු පවසයි. ඒ හේතුවෙන් එදින පුහුණු සැසිය අවලංගු කර ඇති බවට උදෑසන යොමු කළ දැනුම්දීම තමන්ට නොලැබුණු බවත්, කලින් දැනුම් දුන් පරිදි පුහුණුව පැවැත්වෙනු ඇතැයි සිතා පෙරවරු 9.00ට පමණ පුහුණු ස්ථානයට පැමිණි බවත් ඔහු සඳහන් කරයි. එහිදී අදාළ උපදේශකවරිය හදිසියේ අසනීප වීම හේතුවෙන් එදින පුහුණුව නොපැවැත්වෙන බවත්, ඒ පිළිබඳව WhatsApp සමූහය වෙත දැනුම්දී ඇති බවත් නිලධාරිනියක විසින් තමන්ට දැනුම් දුන් බව පැමිණිලිකරු පවසයි. නිසි පරිදි අයදුම්පතක් ඉදිරිපත් කර, පළමු දිනයේ පුහුණුවට සහභාගි වී, පැමිණීමේ ලේඛනයේ තොරතුරු සටහන් කර තිබියදීත්, පසුව පෞද්ගලිකව දුරකථන අංකය ලබාදී සිහිපත් කර තිබියදීත් තමන් සන්නිවේදන සමූහයට ඇතුළත් නොකිරීම බරපතළ සම්බන්ධීකරණ දුර්වලතාවක් බව ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂිකාව වෙත වාචිකව දැනුම් දී ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද දුරකථනයෙන් පැමිණිලි කර ඇති බව සඳහන් වේ. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාව වන විටත් තම දුරකථන අංකය අදාළ WhatsApp සමූහයට ඇතුළත් කර නොතිබූ බව ඔහු වැඩිදුරටත් පවසයි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ සමාජ අවබෝධය ඉහළ නැංවීමටත්, මාධ්‍යවේදීන්ගේ සංඥා භාෂා දැනුම වර්ධනය කිරීමටත් ක්‍රියාත්මක වන මෙවැනි වැදගත් වැඩසටහනක මූලික සන්නිවේදන කටයුතු පවා නිසි පරිදි සිදු නොවීම කනගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දෙන පැමිණිලිකරු, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ තුළ මෙවැනි පරිපාලනමය අතපසුවීම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විධිමත් විමර්ශනයක් සිදුකර අවශ්‍ය නිවැරදි කිරීමේ පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද පැමිණිලිකරු සඳහන් කරයි. A journalist selected for first free Sign Language Training Program for journalists has raised concerns over alleged administrative and communication failures in the coordination of the program, lodging a complaint with the relevant authorities. The program is organized by the National Secretariat for Persons with Disabilities under the Ministry of Rural Development, Social Security and Community Empowerment. A total of 20 journalists were selected to participate in the initiative, which officially commenced on November 10 at the Ministry premises in Sethsiripaya, Battaramulla, under the patronage of Minister Dr. Upali Pannila. At the inaugural session, participants’ mobile numbers were collected to establish a WhatsApp group for coordinating program-related activities and communicating important announcements. It was also decided that training sessions would be held every Wednesday, as many journalists attend the Cabinet media briefing on Tuesdays. However, one of the selected journalists claims that despite providing his mobile number to the program’s coordination officer via WhatsApp on the first day of training, he had not been added to the official communication group by November 18, the date of the next scheduled session. As a result, he did not receive the morning notification informing participants that the training session scheduled for that day had been cancelled due to the instructor’s sudden illness. The journalist stated that, having received no cancellation notice, he arrived at the training venue at approximately 9.00 a.m. as previously instructed. It was only upon making inquiries at the venue that he was informed of the cancellation and the notification sent through the WhatsApp group. He considers the failure to include his contact number in the group, despite having submitted a formal application, attended the inaugural session, provided his details in the attendance register and personally forwarded his contact information to the coordination officer, to be a serious administrative and coordination lapse. According to the complainant, the matter was subsequently brought to the attention of the Acting Director of the National Secretariat for Persons with Disabilities during a personal visit. The Secretary to the Ministry was also informed of the issue over the telephone. Nevertheless, the journalist claims that his mobile number had still not been added to the relevant WhatsApp group at the time the complaint was made. The incident has raised questions about the effectiveness of basic administrative and communication procedures in a government initiative designed to improve media professionals’ understanding of sign language and promote greater inclusion of persons with disabilities. The complainant has also questioned the effectiveness of public-sector digitalization efforts if fundamental communication and coordination responsibilities are not properly carried out. He has called on the relevant authorities to investigate the incident, address the alleged administrative shortcomings and take appropriate corrective measures to prevent similar situations in the future. Post navigation මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. Media-Based Drug Prevention Training Workshop Held at the Colombo District Secretariat. Book Donation from Russia to the Colombo Public Library. කොළඹ මහ නගරසභා පුස්තකාලයට රුසියාවෙන් පොත් පරිත්‍යාගයක්.