Views: 490 දෙනෙත් අහිමි දෙමාපිය යුවලකගේ අස්වැසුමත් කපලා – දරුවන් ලවා විරෝධතා පුවරුවක් ලියවයි! තම දෑසට අඳුර වැටී තිබුණත්, දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් දිනපතා කිලෝමීටර් 40ක් පමණ පයින් ගමන් කරමින් ලොතරැයි අලෙවි කර ජීවිතය ගැටගසා ගන්නා දෙනෙත් අහිමි යුවළකට ලැබුණු අස්වැසුම දීමනාව අහිමි කිරීම සම්බන්ධයෙන් ඔවුන් විරෝධතාවක නිරත වී තිබෙනවා. පොළොන්නරුව, වැලිකන්ද, රුහුණුකෙත ගම්මානයේ පදිංචි මෙම යුවළට වයස අවුරුදු 12 සහ 7 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු සිටිනවා. දිනකට ලොතරැයි 200ක් පමණ අලෙවි කරමින් ජීවිතය ගෙන යන ඔවුන්ට පසුගිය වසරක පමණ කාලයක් රුපියල් 5,000ක අස්වැසුම දීමනාවක් ලැබී තිබුණා. කෙසේ වෙතත්, මීට මාස දෙකකට පමණ පෙර ගම්මානයේ කමිටුවක් මගින් එම දීමනාව අත්හිටුවා ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයට සහ ප්රදේශයේ දේශපාලන අධිකාරියට දැනුම් දුන්නද මෙතෙක් විසඳුමක් ලැබී නැහැ. ඒ අනුව තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීම සඳහා ඔවුන් අද (16) සිය නිවස ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වී තිබෙනවා. විශේෂත්වය වන්නේ තම මව්පියන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් විරෝධතා පුවරුව ලියා සකස් කර ඇත්තේ දරුවන් දෙදෙනා විසින් වීමයි. තමන් කිසිවෙකුගෙන් යැපෙන්නේ නැතිව මහන්සියෙන් ජීවත් වන බවත්, තමන්ට ලැබුණු සුළු සහනය පවා අහිමි කිරීම විශාල අසාධාරණයක් බවත් එම යුවළ පවසනවා. මෙම පවුලට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ගම්වාසීන්ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. Post navigation රඹෑවේ බස් රථ තුනක් එකිනෙක ගැටී මාරක අනතුරක් – පුද්ගලයන් සිව්දෙනෙකු මරුට, 76කට තුවාල. ரம்பேவையில் மூன்று பேருந்துகள் மோதி கொடூர விபத்து – நால்வர் உயிரிழப்பு, 76 பேர் காயம்