Views: 505 ලොව ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී සංචාරක අත්දැකීමක් වන Four Seasons Private Jet Experience වැඩසටහනේ 2028 වසර සඳහා සැලසුම් කර ඇති ජාත්‍යන්තර සංචාරයට ශ්‍රී ලංකාව පළමු වරට ඇතුළත් කර තිබේ. ‘Coastlines & Culture’ ලෙස නම් කර ඇති මෙම දින 23ක සුවිශේෂී සංචාරය යටතේ ලොව පුරා ගමනාන්ත අටක් ආවරණය කිරීමට නියමිත අතර, එහි එක් නැවතුම් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබීම මෙරට සුඛෝපභෝගී සංචාරක කර්මාන්තයට වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. Four Seasons සමාගමේ නිල සංචාරක තොරතුරු අනුව, මෙම සංචාරය සඳහා එක් වැඩිහිටි සංචාරකයකුට ඇමෙරිකානු ඩොලර් 238,000ක ආරම්භක මිලක් නියම කර තිබේ. මෙම මිල ද්විත්ව නවාතැන් පහසුකම් පදනම් කරගත් එක් අයකුගේ පැකේජ මිල වන අතර, තනිව ගමන් කරන අයකු සඳහා අතිරේක ඩොලර් 23,800ක මුදලක් සඳහන් කර ඇත. මෙම සංචාරය සඳහා උපරිම වශයෙන් මගීන් 48 දෙනකුට පහසුකම් සලසා ඇති අතර, ඔවුන් විශේෂයෙන් නිර්මාණය කරන ලද Airbus A321neo-LR පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරනු ඇත. ශ්‍රී ලංකාවේ දින තුනක සුඛෝපභෝගී නවාතැනක් සැලසුම් කර ඇති ගමන් මාර්ගය අනුව 2028 මැයි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතය. මෙම කාලය තුළ සංචාරකයන් මෙරට දකුණු වෙරළ තීරයේ පිහිටි Cape Weligama සුඛෝපභෝගී නිවාඩු නිකේතනයේ නවාතැන් ගැනීමට නියමිත බව Resplendent Ceylon ආගන්තුක සත්කාර සමූහය කල නිවේදනයක සඳහන් වේ. Cape Weligama යනු ශ්‍රී ලාංකික පවුලක හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යන Resplendent Ceylon සමූහයට අයත් සුඛෝපභෝගී සංචාරක නිකේතනයකි. එය ජාත්‍යන්තර Relais & Châteaux ආගන්තුක සත්කාර ජාලයේ සාමාජිකත්වයද දරයි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලංකා කුරුඳු නිෂ්පාදන උරුමය වෙතය. පෞද්ගලික කුරුඳු වගා භූමියක් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති අතර, කුරුඳු අස්වැන්න නෙළීමේ සිට එය කුරුඳු පොතු සහ තෙල් බවට පත් කරන ක්‍රියාවලිය දක්වා එහි විශේෂතා හඳුන්වා දීමට නියමිතය. එම අත්දැකීමෙන් අනතුරුව කඳුකර දර්ශනයක් අභිමුව විශේෂ දිවා ආහාරයක්ද සංවිධානය කිරීමට නියමිත බව Four Seasons නිල නිවේදනයේ සඳහන් වේ. රටවල් අටක් ආවරණය කරන ලෝක සංචාරය ‘Coastlines & Culture’ සංචාරය ඇමෙරිකාවේ San Francisco නගරයෙන් ආරම්භ වී දකුණු කොරියාවේ Seoul, චීනයේ Hangzhou, ශ්‍රී ලංකාව, ටැන්සානියාවට අයත් Zanzibar, ඊජිප්තුවේ Sharm El Sheikh, ප්‍රංශයේ Cap-Ferrat සහ එංගලන්තයේ Hampshire යන ගමනාන්ත ඔස්සේ ගමන් කරයි. මෙම සංචාරයේදී එක් එක් ගමනාන්තයට ආවේණික සංස්කෘතිය, ඉතිහාසය, ආහාරපාන සහ ස්වභාවික පරිසරය සමඟ සමීපව සම්බන්ධ විය හැකි සුවිශේෂී අත්දැකීම් සංචාරකයන්ට ලබාදීම අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවෙන් අනතුරුව Zanzibar වෙත ගමන් කරන සංචාරකයන්ට එහි ස්වහීලි සංස්කෘතිය සහ කුළුබඩු උරුමය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ. ඊජිප්තුවේදී රතු මුහුද ආශ්රිත පෞද්ගලික යාත්‍රා සංචාරයක්ද මෙම වැඩසටහනට ඇතුළත් කර ඇත. දකුණු කොරියාවේදී බෞද්ධ ආගමික සම්ප්‍රදායන් පිළිබඳ අත්දැකීම් ලබාගැනීමටත්, චීනයේදී තේ වගාව සහ පුරාණ විහාරස්ථාන ආශ්රිත අත්දැකීම්වලට එක්වීමටත් සංචාරකයන්ට අවස්ථාව සැලසීමට නියමිතය. එමෙන්ම, ප්‍රංශයේදී ප්‍රංශ රිවීරා වෙරළ තීරය ආශ්රිත යාත්‍රා අත්දැකීමක් සහ එංගලන්තයේදී Hampton Court Palace වෙත විශේෂ ප්රවේශයක්ද සංචාරයේ අංග ලෙස හඳුන්වා දී තිබේ. ගමන පුරා විශේෂ සේවා කණ්ඩායමක් මෙම සංචාරය සාමාන්‍ය ගුවන් ගමනකට හෝ හෝටල් නවාතැන් පැකේජයකට සීමා නොවන අතර, සංචාරකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැපවූ විශේෂ කණ්ඩායමක්ද ගමන පුරා සහභාගී වේ. එම කණ්ඩායමට පෞද්ගලික සංචාරක සේවා සම්බන්ධීකාරකයකු, විධායක සූපවේදියකු සහ සංචාරක වෛද්‍යවරයකු ඇතුළත්ය. මෙම පෞද්ගලික ජෙට් සංචාර වැඩසටහන TCS World Travel සමාගම විසින් අලෙවි කර මෙහෙයවනු ලබන අතර, ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු Titan Airways Limited සමාගම විසින් සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්රයට ජාත්‍යන්තර පිළිගැනීමක් මෙම තෝරාගැනීම පිළිබඳ අදහස් දක්වමින් MJF Leisure සමාගමේ සභාපති සහ MJF Holdings සමාගමේ සම සභාපති මලික් ජේ. ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ 2028 වසරේදී Four Seasons පෞද්ගලික ජෙට් යානය පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. තම LinkedIn සටහනක් මගින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙවැනි ජාත්‍යන්තර සංචාරයකදී ශ්‍රී ලංකාව අත්විඳීමට පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා තම පවුලේ හිමිකාරිත්වය යටතේ පවතින ආගන්තුක සත්කාර ව්‍යාපාරය තෝරා ගැනීම විශේෂ වරප්‍රසාදයක් බවයි. ශ්‍රී ලංකාවට සහ මෙරට දකුණු වෙරළ තීරයට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමට තම සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම තුළින් මෙරට වෙරළ තීරය, සංස්කෘතික උරුමය, දේශීය නිෂ්පාදන සහ ආගන්තුක සත්කාර සේවා ලෝකයේ ඉහළ ආදායම් ලබන සංචාරක කණ්ඩායම් අතර ප්‍රචලිත කිරීමට අවස්ථාවක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ලංකා කුරුඳු වැනි දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර සංචාරක අත්දැකීමක කොටසක් ලෙස ඉදිරිපත් කිරීම, මෙරට සංස්කෘතික හා ආර්ථික අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමටද වැදගත් වේ. 2028 වසරේදී ශ්‍රී ලංකාව ලොව ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් සංචාරක මාර්ගයක නැවතුම් ගමනාන්තයක් බවට පත්වීම, මෙරට සංචාරක කර්මාන්තයේ ජාත්‍යන්තර ප්‍රවර්ධනයට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. Sri Lanka has been included for the first time in the 2028 international itinerary of the Four Seasons Private Jet Experience, one of the world’s leading luxury travel programmes. Named ‘Coastlines & Culture’, the exclusive 23-day journey will cover eight destinations around the world, with Sri Lanka selected as one of its stopover destinations. The inclusion is regarded as a significant opportunity for the country’s luxury tourism industry. According to official travel information from Four Seasons, the package is priced from US$238,000 per adult. This rate is based on double occupancy, while solo travellers are subject to an additional charge of US$23,800. The journey will accommodate a maximum of 48 passengers, who will travel aboard a specially configured Airbus A321neo-LR private jet. Three Days of Luxury in Sri Lanka According to the planned itinerary, travellers are scheduled to spend three days in Sri Lanka, from 12 to 15 May 2028. During their stay, guests are expected to be accommodated at Cape Weligama, a luxury resort located along Sri Lanka’s southern coastline, according to an announcement by the Resplendent Ceylon hospitality group. Cape Weligama is a luxury resort operated by Resplendent Ceylon, a hospitality group owned by a Sri Lankan family. The property is also a member of the internationally recognised Relais & Châteaux hospitality association. A particular highlight of the Sri Lankan experience will be the country’s renowned Ceylon cinnamon heritage. Travellers are expected to have the opportunity to visit a private cinnamon plantation and learn about the process, from harvesting cinnamon to transforming it into cinnamon quills and oil. Following the experience, a special lunch overlooking a scenic hillside landscape is also planned, according to the official Four Seasons announcement. An International Journey Across Eight Destinations The ‘Coastlines & Culture’ journey will begin in San Francisco, USA, before travelling to Seoul in South Korea, Hangzhou in China, Sri Lanka, Zanzibar in Tanzania, Sharm El Sheikh in Egypt, Cap-Ferrat in France, and Hampshire in England. The programme is designed to provide travellers with distinctive experiences that connect them closely with the culture, history, cuisine and natural surroundings of each destination. Following their stay in Sri Lanka, travellers will continue to Zanzibar, where they will have the opportunity to explore Swahili culture and the region’s spice heritage. The itinerary also includes a private yacht experience around the Red Sea in Egypt. In South Korea, guests are expected to experience Buddhist traditions, while in China, the programme will introduce them to tea cultivation and experiences associated with ancient temples. The journey will also feature a yachting experience along the French Riviera and exclusive access to Hampton Court Palace in England. Dedicated Service Team Throughout the Journey The experience goes beyond a conventional flight or hotel accommodation package, with a dedicated team accompanying travellers throughout the journey to attend to their individual needs. The team includes a personal journey concierge, an executive chef and an onboard physician. The private jet travel programme is marketed and operated by TCS World Travel, while aircraft operations are handled by Titan Airways Limited. International Recognition for Sri Lanka’s Luxury Tourism Sector Commenting on Sri Lanka’s selection, Malik J. Fernando, Chairman of MJF Leisure and Co-Chairman of MJF Holdings, stated that the Four Seasons private jet would visit Sri Lanka for the first time in 2028. In a LinkedIn post, he described the selection of his family’s hospitality business as the host property for travellers visiting Sri Lanka as a special privilege. He further stated that his company looks forward to welcoming visitors to Sri Lanka and its southern coastline. Sri Lanka’s inclusion in an international luxury travel programme of this nature is expected to provide an opportunity to promote the country’s coastal attractions, cultural heritage, local products and hospitality services among high-net-worth international travellers. In particular, showcasing local products such as Ceylon cinnamon as part of an exclusive international travel experience could help promote Sri Lanka’s cultural and economic identity. Sri Lanka’s inclusion as a destination on one of the world’s leading luxury private jet travel itineraries in 2028 therefore represents a significant opportunity to strengthen the country’s international profile as a luxury tourism destination. Post navigation ඉරාන යුද්ධය මුල්කරගෙන ඇමරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක්. Impeachment against US Defense Secretary over the Iran War