Views: 520 කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කර තිබේ. මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා සහ එහි කල්බදු වාරික ගෙවීම සඳහා යොදාගත් මුදල්වල මූලාශ්‍රය තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ඇයට අයත් බව කියන හොන්ඩා වෙසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ. මේ අතර, ඇයගේ බැංකු ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් බැරවීම සහ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවීම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 6 වැනිදා නියෝග කර තිබේ. අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් එදින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. Post navigation සමුළුවෙන් පස්සෙ ලංකාව ගැන ප්රවර්ධනයක් වෙයිද? – ජනමාධ්‍ය ඇමතිට ප්‍රශ්නයක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ වෛද්‍යවරු කොළඹදී විරෝධතාවක. பல கோரிக்கைகளை முன்வைத்து அரச மருத்துவர்கள் கொழும்பில் போராட்டம்.