Post Views: 648 රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නඩුවට අදාලව ආයතනයේ අධ්‍යක්ෂකවරියක් වන ඔහුගේ බිරිඳ තවමත් අධිකරණය මගහරිමින් සැඟවී සිටින බවටත් හෙළිවූ අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය ලබාදෙන ලදී. මෙම සැකකරු හා ඔහුගේ බිරිඳ රේන්බෝ මෑන් පවර් නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා, දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට මෙම සැකකාර විදේශ රැකියා හිමිකරුට එරෙහිව පැමිණිලි 470 ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබි තිබිණි. පසුව මෙම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාර්යාංශය විසින් එම පැමිණිලි භාරදී තිබුණි. මෙයට අමතරව තවත් පැමිණිලි 400 ට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ලැබී ඇති බවත් වාර්තා විය. මෙම ඒජන්සියේ හිමිකරු පසුගිය ඔක්තෝම්බර් 30 දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර එදින සිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහු, ඊයේ දින (20) නඩුව යළි කැඳවූ අවස්ථාවේ ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් මෙම නියෝගය නිකුත් කළේය. කෙසේ වෙතත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටින ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගැනීමට පොලීසියට තවමත් හැකියාවක් ලැබී නොමැති බවත් වින්දිත පාර්ශවය සඳහන් කරයි. Post navigation බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස මේ මස 28 දක්වා රිමාන්ඩ් කෙරේ එක්සත් ජනපද නාවික සීල් පදක්කම්ලාභී පළමු ශ්‍රී ලාංකික නාවික ලුතිනන්වරයා මියයයි.