Post Views: 390 ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර ඒ සෑම දිනකම සවස 6ට සංදර්ශනය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දකුණු ආසියානු කලාපය තුළ ගෝලීය රෙගේ සංගීත සංස්කෘතියේ ඓතිහාසික සැමරුමක් සනිටුහන් කරන එම සුවිශේෂී ප්‍රසංගය පිළිබඳව නිවේදනය කිරීම හා මාධ්‍ය දැනුවත් කිරීම පසුගියදා කොළඹ NUWA Sri Lanka හිදී පැවැත්විණ. මෙම ප්‍රසංගය සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් රෙගේ කලාකරුවන් 6 දෙනෙකු සහභාගී වීමට නියමිතය. එය ආසියාවේ මෙන්ම පැසිෆික් කලාපය තුළ මෙතෙක් අත්විඳ ඇති රෙගේ හැකියාවන් සියල්ල එකම තැනකදී නැරඹිය හැකි විශාලතම අවස්ථාව බවටද පත් වනු ඇත. මීට සහභාගී වන කලාකරුවන් අතරට,• Maxi Priest – The “Prince of Reggae”• The Wailers• Julian Marley සහ Ky-Mani Marley රෙගේ නිර්මාතෘ Bob Marley ගේ පුතණුවන්• Inner Circle• Big Mountain ඇතුළත් වේ.ඊට අමතරව ජාත්‍යන්තර සංගීත ශිල්පීන් 4 දෙනෙකුද මෙම ප්‍රසංගයේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇති අතර සෑම දිනකම රෙගේ කලාකරුවන් දෙදෙනෙකු ප්‍රසංග වේදිකාවට එක් වනු ඇත. ඒ අනුව මාර්තු 27 – The Wailers සහ Maxi Priestමාර්තු 28 – Inner Circle සහ Big Mountainමාර්තු 29 – Julian Marley සහ Ky-Mani Marley ලෙස කලාකරුවන් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරනු ඇත. මෙම ප්‍රසංගයේ සුවිශේෂීත්වය නිසාම රෙගේ සංගීතයට ප්‍රිය කරන ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය යන රටවල සංචාරකයින් සහ බටහිර සංචාරකයින් ඇතුලු දහස් ගණනක ශ්‍රී ලාංකේය රසිකයින් මෙම ප්‍රසංගය දැකබලා ගැනීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. යුරෝපයේ සහ කොළඹ මූලස්ථානය පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් One In A Million Entertainment Ltd. විසින් Caribbean Entertainment හි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය Shaggy, Diana King, Maxi Priest, සහ Big Mountain වැනි ගෝලීය කලාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකිය. මෙම අවස්ථාවට තවත් ආකර්ෂණයක් එක් කරමින් 2024 සංගීතමය නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ Kingsley Ben-Adir සහ එහි අධ්‍යක්ෂ Reinaldo Marcus Green ද එක්වනු ඇත. පෙබරවාරි 6 වැනි දිනට යෙදී ඇති බොබ් මාලේගේ 81 වන උපන් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන මෙම සංගීත ප්‍රසංගය රෙගේ සංගීත සංස්කෘතිය හා සංගීතමය වැදගත්කම තව දුරටත් ඉහළ නංවනු නිසැකය. ප්‍රසංගය සඳහා දිනකට රු. 10,000 ක මුදලකට සාමාන්‍ය ටිකට්පතක් අලෙවිවන අතර VIP ටිකට්පතක් රු. 50,000කට අලෙවි කිරීමට නියමිතය. මීට අමතරව දින 3 හිම සංගීත ප්‍රසංග රසවිඳීමට කැමති රෙගේ සංගීත ලෝලීන්ට දින 3 සඳහාම සාමාන්‍ය ටිකට්පත් රු. 25,000කටත්, VIP ටිකට්පත් රු. 100,000 ටත් ලබා ගැනීමේ විශේෂ අවස්ථාවද උදා කර දී තිබේ. මෙම ප්‍රසංගය සඳහා වන ටිකට්පත් අලෙවිය තුලින් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පවත්වාගෙන යන ළමා නිවාසයන්හි ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියට පරිත්‍යාග කිරීමට නියමිතය. එසේම One Love Festival ජැමෙයිකාවේ පුණ්‍ය කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් Bob and Rita Marley පදනම සමඟද කටයුතු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා රෙගේ කලාකරුවන් සහ කාර්ය මණ්ඩලය ලෙස 70ක පමණ පිරිසකගෙන් සමන්විත ජාත්‍යන්තර දූත පිරිසක් එක් වන අතර ඔවුන්ට සත්කාරකත්වය ලබා දීමට Melco Resorts & Entertainment ට අයත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සුඛෝපභෝගී සංචාරක නවාතැනක් වන කොළඹ NUWA Sri Lanka කටයුතු කරනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ දේපොල සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා, “දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගයේ සත්කාරක සහකරු බවට පත් වීමට හැකිවීම පිළිබඳව City of Dreams Sri Lanka ඉතා සතුටට පත් වනවා. කොළඹ සුවිශේෂී විනෝදාස්වාද කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ නගරයේ සංස්කෘතිය හා කලාත්මක හැකියාවන් ඉහළ නැංවීමට අපි කැපවී කටයුතු කරනවා. ලෝක ප්‍රකට රෙගේ කලාකරුවන් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒම තුලින් නිර්මාණශීලීත්වයට හා කලාවන්ට සහාය වීම සහ ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් ගෙන ඒම සඳහා අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා.”යනුවෙන් පැවසීය. Post navigation “කොකාවිල් සටන” සිනමාවට. ஸ்வர்ண துவார – கடுவெல இலக்கிய கலை மங்கல்யம் 2025.