Post Views: 250 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරී මඩුල්ල 2026 සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ දින 14ක සංචාරය නිමා කරමින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී, සිය කණ්ඩායම මෙරට ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් ධනාත්මක මෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් නිරීක්ෂණය කල බව IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) පෙන්වා දුන්නේය. විවිධ බාහිර හා අභ්‍යන්තර බලපෑම් හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වා ඇති බව සදහන් කල ඔහු එම තත්වය අගය කළේය. 2026 දෙවන කාර්තුවේදී (Q2) ආර්ථිකය 4.2% ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ 11 වන වර්ධන කාර්තුවයි. උද්ධමන පීඩනය: ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් සැපයුම් දාමයන්හි බලපෑම නිසා 2026 අගෝස්තු මාසය වන විට මෙරට උද්ධමනය 8% දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය. අඛණ්ඩ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය: මෙතෙක් ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ස්ථාවර සහ පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව IMF අවධාරණය කළේය. Post navigation වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. අනුරාධ විජේකෝන් මහතා ශ්‍රී ලංකා පදනමේ සභාපති ධුරයේ වැඩ භාර ගනී.