අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවට, කොටුව මහේස්ත්‍රාත්වරයා කළ පැමිණිල්ලට එරෙහිව, පා. ම. දිලිත් ජයවීර ගොනු කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට, අභියාචනාධිකරණය තීරණය කරයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව කර තිබෙන නිගමනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *