Post Views: 296 අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කර තිබේ. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම් දෙකහි, එක් පෙත්සමකින් චෝදනා කර තිබුණේ ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක අන්තර්ගත කරුණු මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි. අනෙක් පෙත්සමෙන් සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක අන්තර්ගත කරුණු මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කර තිබිණි. අදාළ පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබූනි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී. Post navigation අනුරාධ විජේකෝන් මහතා ශ්‍රී ලංකා පදනමේ සභාපති ධුරයේ වැඩ භාර ගනී. රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන නෙළුම් කුළුණේදී ඇරඹේ.