Post Views: 170 විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් සංවිධානය හෙවත් INTERPOL හරහා “Blue Notice” හෙවත් නිල් නිවේදනයක් ලබාගැනීමට ඉල්ලයි. ගනුදෙනු දෙකකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදන නිකුත් කිරීමට ඉල්ලීමක් කර ඇතැයි පොලීසිය පවසයි. අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණ සමයේ ටීෂර්ට් 12,000ක් බෙදා හැරීම යන චෝදනා ඔහුට එල්ලවී තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අදාළ වන්නේ අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමටයි. එම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්,පසුගිය මාසයේ 18 වැනිදා ඇප මුදල් රාජසන්තක කිරීමටද නියෝග කෙරුණි. මේ අතර සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8 ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළව, නඩුව විභාගවන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය නඩුවාරයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර, ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් වැඩිදුර තොරතුරු සහ අදාළ ලේඛන ඉල්ලා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇති අතර, එම ලේඛන ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද වාර්තා වනවා. Post navigation දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි.