Post Views: 217 දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම පදනම් කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්ගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත පැමිණිල්ලක් සිදු කිරීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් විසින් කටයුතු කර ඇත. එමෙන්ම, දුම්රිය ගමනාගමන කටයුතු නිතර නිතරම ප්‍රමදවීම, දුම්රිය අවලංගු කිරීම් හා දුම්රිය කාර්මික දෝෂයන්ට නිසි පියවර නොගැනීම මත රාජ්‍ය සේවක හා දුම්රිය භාවිතා කරන මහජනතාවගේ මානව හිමිකම් කඩ වීම සම්බන්ධයෙන් ද දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන ලෙසත් මෙහිදී වෘත්තීය සමිති මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි කරන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් පලකල දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කලේ, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාර්යෙන්ම සිදුකරන බවත් මෙම වැඩවර්ජනය සදහා ඉතිහාසයේ ප්‍රථමවරට දුම්රිය මගී සංගම්වල සහය ද ලැබී ඇති බවත් සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය. දුම්රිය ප්‍රමාද වීම් ඇතුළු මගී ගැටලු සඳහා තවදුරටත් නිසි විසදුම් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වන බව හීන්දෙණිය, පට්ටිගොඩ එක්සත් දුම්රිය මගී සංගමයේ සභාපති ආර්.ඒ.රණතුංග මහතා ද ප්‍රකාශ කර සිටී. කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දුම්රිය වෘත්තීය සමිති වෙත හෙට (14) දිනයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබේ. Post navigation පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පලා යාමට උත්සහ කල වෑන් රථයකට පොලිසියෙන් වෙඩි.