Post Views: 189 ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ ‘B’Day’ ඇල්බමයේ 20 වන සංවත්සරය සහ ඇයගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ඉතා සීමිත සංස්කරණයක් ලෙස හඳුන්වා දී ඇති නවතම භාණ්ඩ මාලාව මේ දිනවල ලොව පුරා කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවකි.එහිදී ඇය විසින් අලෙවි කරනු ලබන ‘Bey Keeper Collector’s Box’ නමින් හැඳින්වෙන ලී පෙට්ටියක මිල අමෙරිකානු ඩොලර් 948.01 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 300,000 කට ආසන්න ප්‍රමාණයක්) වීම හේතුවෙන් රසිකයන් දැඩි පුදුමයට හා විමතියට පත්ව ඇති බව වාර්තාවේ. මෙම ලී පෙට්ටිය විශේෂ සීමිත සංස්කරණයක් ලෙස නිෂ්පාදනය කර ඇත්තේ පිටපත් 500 ක් පමණක් වන අතර, බියොන්සේගේ උපන්දිනය වන සැප්තැම්බර් 4 වැනි දින සංකේතවත් කරමින් මෙම මිල නියම කර ඇති බව සඳහන්. වයිනයිල් (vinyl) තැටි ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා සකස් කර ඇති මෙම පෙට්ටිය සෝන් පයින් (pine) ලීයෙන් අතින් සකස් කර, කොළ පැහැති වෙල්වට් රෙද්දකින් අභ්‍යන්තරය ආවරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඉහළ මිල ගෙවා මිලදී ගත්තද, ඒ සමඟ කිසිදු සංගීත තැටියක් (vinyl records) නොලැබීමයි. බොහෝ සංගීතඥයන් මුදල් උපයා ගැනීමට තම රසිකයන්ගේ තිබෙන දැඩි ලැදියාව සහ භක්තිය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරන තත්වයක අධික මිල ගණන් සහිත ප්‍රසංග ප්‍රවේශපත්‍ර (concert tickets) සහ එම ප්‍රසංගවලදී අලෙවි කරන අධික මිලැති නිල වෙළඳ භාණ්ඩ (merch) තිබුනද බියොන්සේ (Beyoncé) ඊට වඩා වෙනස් විදියකට සිතමින් ඩොලර් 1,000 කට ආසන්න මුදලකට මෙසේ සීමිත සංස්කරණයක පෙට්ටියක් (limited-edition box) අලෙවි කිරීමට සූදානම් වේ. 1990 ගණන්වල ‘Destiny’s Child’ කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ලෙස ක්ෂේත්‍රයට පිවිසි දා සිට බියොන්සේ විශිෂ්ට ගමනක් පැමිණ ඇත. නව සහස්‍රයේ ආරම්භයත් සමඟ තනිව සංගීත ගමන (solo career) ආරම්භ කිරීමෙන් පසුවද ඇගේ ජනප්‍රියත්වයේ අඩුවක් සිදු නොවූ අතර, ඇල්බම මිලියන 200 කට වඩා අලෙවි කරමින් සර්වකාලීන හොඳම අලෙවියක් සහිත සංගීත ශිල්පීන් අතරට එක්වූ ඇය ජාත්‍යන්තර සංකේතයක් බවට පත් වූවාය. එසේම, ඇය වටා “Beyhive” ලෙස සාමූහිකව හඳුන්වන දැවැන්ත මෙන්ම ලැදි රසික පිරිසක්ද එකතු වී සිටින අතර, ඔවුන් තම “Queen Bey” වෙනුවෙන් අතිශයින් කැපවූ පිරිසක් ලෙස ප්‍රසිද්ධය. ඔවුන් කෙතරම් බියොන්සේ වෙත කැපවී සිටිනවාද කියනවා නම්, ඩොලර් 1,000 කට ආසන්න මුදලකට ලී පෙට්ටියක් අලෙවි කර එය සාර්ථක කර ගැනීමට දැනටමත් සූදානම්ය. Post navigation ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි.