Post Views: 159 ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතාගේ නියෝගයක් මත මෙම උසස්වීම සිදුකර ඇත. මීට අමතරව, ඔහු වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර තිබෙනවා.මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්නගේ හා භෞතචිකිත්සක කෝප්‍රල් චන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරුණා. මේ අතර, 3 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (05) ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දක්වා ඉහලට පැමිණ ඇත.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දැක්වූ සුපිරි දක්ෂතාවය හේතුවෙන් ඔහු මෙලෙස ලෝකයේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස අද දිනයේ නිල වශයෙන් අභිෂේක ලබා ඇත. Post navigation ‘Run for Sri Lanka’ මීගමුව අර්ධ මැරතන් තරගය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.