Post Views: 85 ලොව දෙවැනි පැරණිතම ගුවන් විදුලි ආයතනය සහ ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) සියවස් සැමරුම අද (16) දිනට යෙදී තිබුණි. මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහිලා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබුණි. ඒ අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම සංස්ථාවේ ප්‍රගමනයට දායක වූ සම්භාවනීය මාධ්‍යවේදීන්, ඉංජිනේරුවරුන්, ප්‍රවීණයන් සහ විද්වතුන්, නිවේදකයින් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් අද (16) මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම සහ අෂ්ඨ පරිෂ්කාර ඇතුලු සෙසු පිරිකර පුජා කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දී සිදු විය.අෂ්ඨ පරිෂ්කාර අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය විෂයෙහි අනුශාසනා ත්‍රිත්ත්වයක් සිදු කළ අතර, ඉන් අනතරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අදහස් දක්වන ලදි.එම අදහස් දැක්වීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ මෙය ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවක් බවත්, මෙරට ජනතාවගේ ජිවිත වලට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් සමග අත් නොහළ හැකි බැදීමක් පවතින බව පැවසීය.පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තරඟයක් නොවන බවත්, මෙරට සියළු මාධ්‍ය ආයතනවලට ගුණාත්මක දර්ශකයක් සකස් කිරීමේ වගකීම පවතින බවද පෙන්වා දෙන ලද අතර, ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරී මණ්ඩලය සමග 350 ක් පමණ වන කාර්ය මණ්ඩලයට ඉදිරි දශකයේ වැදගත් පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම වන බවත් එය අභියෝගයක් වන බව ද පැවසීය.මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තාරකා මේධාවි දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු සංස්ථාවේ ප්‍රගමනයට දායක වූ සම්භාවනීය මාධ්‍යවේදීන්, ඉංජිනේරුවරුන්, ප්‍රවීණයන් සහ විද්වතුන්, නිවේදකයින් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. Post navigation වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්රදානය කෙරේ.