එළඹෙන ඉන්දීය ප්‍රිමීයර් ලීග් IPL තරගාවලිය සදහා ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබියේ එතිහාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු අතර මෙවර IPL 2026 වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 246 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 113 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 359 දෙනෙකු වෙන්දේසි සංචිතයේ සිටින ලදී. මින් ලීගයේ ෆ්‍රැන්චයිස් 10 උපරිම ස්ථාන 77 ක් සඳහා ලංසු තැබීම කල අතර මෙයින් 31 ක් විදේශීය ක්‍රීඩකයින් සඳහා වෙන් කර තිබුනි.

මෙවර වෙන්දේසියේදී මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලද ඉහලම ලංසුව ලෙස ඉන්දීය රුපියල් කෝටි 18 කට (ශ්‍රීලංකා රුපියල් කෝටි 61) මතීෂ පතිරණ ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් සමත් වූයේ ඉන්දීය රුපියල් කෝටි 17.8 ක ලංසුව ඉදිරිපත් කල ලක්නව් සුපර් ජයන්ට්ස් පරදවමිනි.

2002 දෙසැම්බර් 18 දින උපන් හීනටිගල පතිරණගේ මතීෂ අනුෂාල් විහංග පතිරණ, නැතහොත් මතීෂ පතිරණ මේ වන විට ඉතා දක්ෂ සහ ජනප්‍රිය, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දැනට ජාතික කණ්ඩායම සඳහා සීමිත ඕවර ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන ඔහු ලසිත් මාලිංග ගේ පන්දු යැවීමේ ඉරියව්ව ආදර්ශනය කර ඇති බැවින්, “බේබි මාලිංග” ලෙසත් හඳුන්වනු ලැබේ.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *