මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ අවස්ථාව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (21) පැවැත්විණි.
මෙහිදී විෂය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ channelnie.nie.ac.lk වෙබ් පිටුවේ එළිදැක්වීමද අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ මේවන විට ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සහ ගෝලීය මුල් ළමාවිය සංවර්ධන ක්‍රමවේදයන් වලට අනුගත වෙමින් ශ්‍රී ලාංකික දරුවාගේ මුල් ළමාවිය යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කොට ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමත් එහි වලංගුභාවය පරීක්ෂා කිරීමත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, යුනිසෙෆ් ශ්‍රී ලංකා යන සියලු ආයතනවල සහයෝගයෙන් සිදු කර ඇත.

මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ‘තුල්හිරිය මාස් ඇතිනා’(MAS Athena) ආයතනයේ දී පැවැත්වීමටත් සැලසුම් සකස් කර ඇත.

මෙහිදී ක්‍රියාකාරකම් පොත ගුරු මාර්ගෝපදේශ මාලාව සහ ඉගෙනුම් ආධාරක කට්ටල නිල වශයෙන් ලබාදීමද සිදු කෙරුනි.

මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ, UNICEF ආයතනය නියෝජනය කරමින් එමා බ්‍රින්ගන් (Emma Bringhan – Country Representative), ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරන යන මහත්ම මහත්මියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…
🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news
🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news
🛑වෙබ්/web https://www.smn24.lk/
🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl
🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com
🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk
🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/
🛑ඉන්ස්ටග්‍රෑම්/instagram https://www.instagram.com/smn24lk/
🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *