අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම වංචනිකව යොදාගනිමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට එම ව්‍යාජ නිවේදනය අනුව,

මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විෂයෙන් බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇත.
එයට පිළියමක් වශයෙන් විද්‍යාව විෂයට මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08 ක් හිමිවේ. එමෙන්ම ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10 කින්ද අඩු කර තිබෙන අතර, විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65 කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමිය.

මේ ආකාරයට ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත්, එහි සඳහන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍යාංශය සඳහන් කරන අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පවසයි.

එමෙන්ම, ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කෙරේ.

එමනිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *