Post Views: 458 බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන කෙරේ. ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව අද දහවල් වාර්තා විය. ඩකාහි පිහිටි හසීනාගේ නිල නිවසට විශාල ජනකායක් කඩා වැදුණු අතර අගනුවර කොල්ලකෑම් සහ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. පොලිසිය පැවසුවේ, සීරජ්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් වෙත පුද්ගලයින් දහස් ගණනක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය. විපක්ෂ ආධාරකරුවන් සහ සිසුන් ඇතුළු 10,000කට ආසන්න පිරිසක් සමූහ වශයෙන් රඳවා තබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි. පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරයට මූලිකම හේතුව වූයේ, සිවිල් සේවා රැකියා සඳහා ඇතිකල කෝටා ක්‍රමයයි. එය අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වුව ද, එය මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. මෙම විරෝධතාව ආරම්භ වූ දා සිට මේ වන විට මියගිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 300 ඉක්මවයි. Post navigation 2024 ලෝකයේ වේගවත්ම කාන්තාව ලෙස ජූලියන් ඇල්ෆ්‍රඩ් (Julien Alfred) කිරුළු පළදියි. One person is dead and several others have been left injured after a Cybertruck exploded