Post Views: 308 ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමේ (laugfs eco sri) මෙහෙයවීමෙන් මෙවර වෙසක් මහෝත්සවයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් අද (06) කොට්ටාව ලාෆ් එකෝ ශ්‍රී දුම් පරීක්ෂණ පරිශ්‍රයේදී පැවැත්විණි. නාරහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙතින් වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය මේ සඳහා සභාගීවූ අතර ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමේ කාර්ය මංඩලයේ සාමාජිකයන් මෙන්ම කොට්ටාව හා ඒ අවට විශාල ජනතාවක් මෙහිදී රුධිර පරිත්‍යාග කිරීම සදහා ඉතා උනන්දුවෙන් සහභාගීවනු දක්නට ලැබුනි. මේ සම්බන්ධව අදහස් දැක්වූ ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සාලිය දිසානායක මහතා, සිය ආයතනය සැමවිටම මෙරට ජනතාවත් සමග බැදී පවතින සමාගමක් ලෙසට මෙවර වෙසක් සැමරුම නිමිති කොටගෙන මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කල බව සදහන් කරන ලදී. එමෙන්ම මෙම ස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන සෑම අයෙකුම සදහා ලාෆ් එකෝ ශ්‍රී ආයතනය වෙතින් එකී උතුම් කටයුත්ත අගය කරමින් මෙන්ම අපගේ පරිසරය සුරැකීම ද මුල්කරගෙන වටිනා පළතුරු පැළයක් බැගින් පරිත්‍යාග කිරීමද සිදු කරන බවත් දිසානායක මහතා පැවසීය. මෙහිදී ලේ පරිත්‍යාග කල බිබිල සිට පැමිණි එස්. රත්නායක තරුණයා අදහස් දක්වමින්, තමන් පළමු වරට අද ලේ පරිත්‍යාග කල බවත් බොහෝ තරුණයන් ලේ පරිත්‍යාග කිරීමට බියවී ඇත්තේ බොරුවට වන අතර අප විවිධ වෛද්‍ය පරීක්ෂණ සදහා ලේ ලබාදෙන්නා සේම ඉතාම සරල කටයුත්තක් බැවින් මේ සදහා ඉදිරිපත්වන ලෙස තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය. මෙහිදී ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සාලිය දිසානායක මහතා විසින් සහභාගී වූ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවය අගයමින් සමරුවක් ප්‍රධානය කිරීමද සිදු කරන ලදී. for more Images please click bilow link https://www.facebook.com/smn24news/posts/pfbid035Qof8i2ux7twbCt92iTuH6sTy5xx4CfVtwErkLHRoZseVYNCYfvmt4u2kyRGQPf9l Post navigation ශාන්ත ජෝශප් විද්‍යාලීය රථ පෙළපාලියේ නිළ හිස්වැස්ම හා ටී ෂර්ට ය විදුහල්පතිට පිලිගැන්වේ. නවීන තාක්ෂණය යොදා ගනිමින් අලි – මිනිස් ගැටුම් අවම කිරීමට කටයුතු කරනවා – ඇමති පවිත්‍රා කියයි.