ඔන්ලයින් මගින් විද්‍යාව අමතර පන්ති පවත්වන අතරතුර දී වට්ස් ඇප් මගින් අසභ්‍ය ඡායාරූප යවා 15 හැවිරිදි දැරියක් ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය උපකාරක පන්ති ගුරුවරයෙකු පානදුර දිග්ගල දී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.

දැරියගේ මව ජාතික ළමාරක්ෂක අධිකාරියට දුරකථනය මගින් කරනු ලැබූ දැනුම්දීමක් අනුව ඔවුන්ගෙන් ලද උපදෙස් පරිදි පිලියන්දල පොලීසියට කළ පැමිණිල්ලක් මත අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ බව වාර්තා වේ.
කොළඹ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන මෙම දැරිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බැවින් අදාල උපකාරක පන්ති ගුරුවරයා විසින් මහරගම ප්‍රදේශයේ පවත්වන පංතියකට දැරිය ඇතුලත්කර ඇති අතර කොරෝනා තත්වය හේතුවෙන් අදාල පංති ඔන්ල‍යින් මාර්ගයෙන් පවත්වා ඇති බවත් පොලිසිය පවසයි.

පසුගිය දිනෙක මෙම සැකකාර ගුරුවරයා අදාල දැරියට පැය දෙකක පමණ කාලයක් ඔන්ලයින් පන්ති පැවැත්වීමෙන් අනතුරුව රාත්‍රී 9.00 පමණ දැරිය නින්දට ගිය අතරවාරයේදී මව විසින් දුරකථනය පරීක්ෂා කර බලා ඇත. මෙහිදී දුරකථනයේ තිබූ අසභ්‍ය කෙටි පණිවිඩ දුටු දැරියගේ මව මේ පිළිබඳව දැරිය ගෙන් ප්‍රශ්න කිරීමේදී අදාළ ගුරුවරයා තමන්ට මීට පෙරද කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා විවිධ අසභ්‍ය ඡායාරූප එවා ඇති අතර තමන්ගේද එවැනි නිරුවත් ඡායාරූප එවන මෙන් කරනු ලැබූ ඉල්ලීමක් පරිදි අන්තර්ජාලයෙන් සොයා ගත් එවැනි ඡායාරූප කීපයක් අදාළ ගුරුවරයා වෙත යැවූ බවත් දැරිය ප්‍රකාශ කල බව මව විසින් පොලිසිය වෙත දැනුම් දී ඇත.

දැරියගෙන් මේ පිලිබදව කල ප්‍රශ්ණ කිරීම හේතුවෙන් ලැජ්ජාවට පත් ඇය නිවසේ තිබූ බෙහෙත් පෙති වර්ගයක් පානය කිරීම නිසා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංච් මාර්ග පවසයි.

මේ පිලිබදව අදහස් දක්වන පොලීසිය පවසන්නේ දැනට පවතින වාතාවරණය මත දෙමාපියන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදුන්නද ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරතුරුවම අධීක්ෂණය කල යුතු බවයි.

අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර සහයෝගය ලබාදෙන්න.
යු ටියුබ් ලින්ක් එක
https://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *