Post Views: 431 රටේ දැනට පවතින කොවිඩ් -19 තත්ත්වය යටතේ පාසල් නැවත විවෘත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පාසල් නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සුබදායි පිලිතුරක් ලබා දිය නොහැකි බවයි. පාසල් නැවත විවෘත කිරීමට අවසර දෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගේ කරන ඉල්ලීම සලකා බැලිය හැකි පරිදි පරිසරය සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බව ඔහු පැවසීය.සෞඛ්‍ය නිලධාරීන් වශයෙන් අපට මේ සදහා පසුබිම සෑදිය නොහැක. අප මත පැවරී ඇති වගකීම වන්නේ ක්‍රමාණුකූලව සිදු වන කොවිඩ් රෝගීන් අඩු වීම සහතික කිරීම බව ආචාර්ය හේරත් අවධාරණය කළේය.ඔහු කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීමට අවශ්‍ය නම් පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි. Post navigation උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ මුස්ලිම් සිසුවියට බුද්ධාගම, සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ.