අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහ නුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයක් මත ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුර පසලොස්වක පොහොය දිනයකදීය.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.
නිරෝධායන ඇඳිරිනීතිය පැවැතිය ද සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින් පෙරහැර පැවැත්වීමට විශේෂ අවසරයක් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *