මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු කර තිබුනා.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම ඉදිකළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව මෙම කිතුල් රා ඇතුළු නිෂ්පාදන පෙළ ජනගත කිරීම සිදුවුණා.

මෙම අවස්ථාවට පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රභාත් ද අල්විස් යන මහත්වරු ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *