ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.
ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපති වන අතර එම තනතුර ලැබූ පළමුවන කාන්තාව ද වේ.

සංජිවනී මහත්මිය මීට පෙර එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කළ අතර නව උපකුලපති තනතුර පත්කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ එම සරසවි පාලක සභාව මගින් කරන ලද නිර්දේශවලට අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ (13) එම පත්වීම සිදුකර ඇති බවත් වාර්තා වේ.

කෘෂි පර්යේෂණ හා නව තාක්ෂණ ආදී ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ පර්යේෂකාවියක් වන ඇය රජරට විශ්වවිද්‍යාලයේ මෑත දී ආරම්භ කළ ව්‍යාපාර සම්බන්ධීකරන කාර්යාලයේ අධ්‍යක්ෂිකාව වශයෙන් ද කටයුතු කළා ය.

2 thoughts on “පළමු කාන්තා උපකුලපතිනිය රජරට විශ්වවිද්‍යාලය සදහා පත්කෙරේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *