මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

ලොව පුරා රටවල් 100කට අධික ප‍්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ‍්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම පත්කර ඇති අතර Gulf Lubricants සන්නාමය මෙරටට හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකෙරිණි.

Gulf Lubricants යනු ඩුබායි කේන්ද්‍ර කරගත් ලිහිසි තෙල් නිෂ්පාදන ව්‍යාපාරයක් වන අතර මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික ප‍්‍රමාණයක පිළිගැනීමට පත්ව ඇති ලිහිසි තෙල් සන්නාමයකි. සියලූ‍ම රථවාහන, කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් Gulf Lubricants විසින් නිෂ්පාදනය කර බෙදා හරිනු ලබයි. Gulf Lubricants යනු පරිසර හිතකාමී, වායු දූෂණය අවම කරන ලිහිසි තෙල් සන්නාමයක් වේ.

මෙරට රට වාහන ක්ෂේත‍්‍රයේ සුඛෝපභෝගී වාහන සඳහා ප‍්‍රමුඛතම සේවාවන් ලබා දෙන සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් සමාගම හැඳින්විය හැකිය. අයිඩියල් ෆස්ට් චොයිස් වාහන සේවා සැපයීමට අමතරව, ඊදිජය ඞීසල් සේවා මධ්‍යස්ථානයක්, වාහන තීන්ත ආලේපන සඳහා භාවිතා කරන ලොව ප‍්‍රමුඛතම සන්නාමයක් වන ඇක්සොනොබෙල් හා යතුරු පැදි අමතර කොටස් අලෙවි ජාලයකින්ද සමන්විත වේ. අයිඩියල් ෆස්ට් චොයිස් වෙත එක්වූ නවතම සන්නාමය ලෙස Gulf Lubricants සන්නාමය හැඳින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *