Post Views: 671 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද මෙම වසරට අදාල පාසැල් විභාග සියල්ල විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසු පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 සෙනසුරාදා දින පැවැත්වීමටත්2021 වසරේ අපොස උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 සඳුදා දින ආරම්භ කර 2022 මාර්තු මස 05 සෙනසුරාදා දින දක්වා පැවැත්වීමටත්2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ මැයි 23 සදුදා දින ආරම්භ කර 2022 ජූනි 01 බදාදා දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් වූ කාලයක් අධ්‍යයන කටයුතු සඳහා ලබාදීම මෙන්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහා විභාග සංවිධානය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීම යන කරුණු සියල්ලම සලකා බලා විභාග දින තීරණය කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. Post navigation මුස්ලිම් සිසුවියට බුද්ධාගම, සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කුලපති පදවියට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවේ විරෝධය.