ජනප්‍රිය ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 46 කි.

වසර විස්සකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නාමයක් දිනා සිටි චූලා පත්මේන්ද්‍රන්, 2006 වසරේ ටැන්සානියාවේ පැවැති ‘Miss Tourism Model of the World’ තරගාවලියේ මාධ්‍ය සම්මානය දිනාගනිමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් තැනැත්තියක්ද වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මෙරට මෙන්ම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රැසකට සහභාගි වී ඇති ඇය මෝස්තර නිරූපණ උපදේශිකාවක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

Popular Sri Lankan model Chula Padmendra Kumarapathirana passed away today (31) at the age of 46.

A prominent figure in the Sri Lankan fashion modeling industry for over two decades, she gained international recognition after winning the Media Award at the ‘Miss Tourism Model of the World’ pageant held in Tanzania in 2006.

Sources close to her stated that she passed away due to a heart attack.

Having participated in numerous local and international modeling competitions throughout her career, she also worked as a modeling instructor.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *