පසුගිය දිනවල මෙරට මාධ්‍යයන් හී කතාබහට ලක්වුනු ජනප්‍රිය රංගන ශිල්පිනි රිතූ ආකර්ෂා ගේ ගිණුමට ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගෙන් කෝටි ගණන් සල්ලි ආවා කියන කතාවක් ගැන සත්‍ය මේ වනවිට හෙලිදරව් වී ඇත.

තමන්ගේ නමට මඩ ගහන අයට රිතූ ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඒ සදහා කෙලින් උත්තරයක් දීලා තිබෙනවා.
මේ කතාවල කියැවුණේ 2010 – 2012 කාලේ පෞද්ගලික බැංකුවක තිබෙන රිතූ නමැති තැනැත්තියකගේ ගිණුමකට මුදල් බැර වෙලා තිබෙනවා කියලයි. හැබැයි රිතූ ආකාර්ෂා ඉතාම වගකීමෙන් කියන්නේ ඇයට කවදාවත්ම එම බැංකුවේ ගිණුමක් තිබිලා නැහැ කියන එකයි. කතාවෙන් විතරක් නතර නොවුණු ඇය, මේ බව තහවුරු කරමින් අදාළ බැංකුවෙන් ගත්තු නිල ලිපියක් පවා ප්‍රසිද්ධ කරලා මේ මඩ ප්‍රචාරය බොරුවක් බව මේ වනවිට ඔප්පු කර හමාරයි.

රිතූගේ මේ ප්‍රකාශයේ තියෙන කිසිවෙකුත් සැලකිලිමත් නොවුනු කාරණාව තමයි මේ සල්ලි දැම්මා කියන කාලය. රිතූ පැහැදිලිවම කියන්නේ, “අධි චෝදනා පත්‍රයේ සඳහන්ව ඇති 2010-2012 කාල පරිච්ඡේදයේ දී මා පාසල් ශිෂ්‍යාවක්” කියලයි. ඉතින් ඉස්කෝලෙ යන ළමයෙකුගේ එකවුන්ට් එකකට මේ විදිහට දේශපාලනඥයින්ගෙන් සල්ලි ආවා කියන කතාව කෙතරම් දුරට සත්‍යයක් ද කියලා කිසිවෙක් සැලකිල්ලට නොගත්ත බව තමයි පෙනී යන්නෙ.

තමන්ගේ නම විකුණගෙන, ෆොටෝ දාගෙන ප්‍රතිරූපයට වගේම වෘත්තීමය කීර්ති නාමයට හානි කරන පේජ් කාරයින්ටයි, මාධ්‍යවලටයි මේ වෙද්දීත් නීතිමය පියවර ගන්නා බව ඇය කියනවා. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ බොරු තොරතුරු පළ කරන ඕනෑම කෙනෙක්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඇය සදහන් කරනවා.

ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමෙන් මහාධිකරණයේ පවරලා තියෙන නඩුවක් තමයි මේ හැමදේකටම මුල. අදාළ දේශපාලනඥයා ඇමතිවරයෙක්ව සිටි කෙටි කාලයක් තුළ අතිවිශාල ධනයක් (රුපියල් මිලියන 485ක් පමණ) උපයාගත් බවට කෙරෙන මේ නඩුවේ අධිචෝදනා පත්‍රයක, රිතූ අකාර්ශා නමැති තැනැත්තියක් වෙනුවෙනුත් මුදලක් වැයකර ඇති බවට සඳහන් වෙලා තිබුණා කියන කාරණය මත තමයි මේ කටකතා නිර්මාණය වෙලා තිබුණේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ඇය මෙසේ අදහස් දැක්වූවා,
“අද තමයි මම ඒ බැංකුවට ගියේ, මම දන්නවා කාගෙද එකවුන්ට් එක කියලා. නමුත් ඒ එකවුන්ට් එක කාගෙද කියලා කියන්න අයිතියක් මට නැහැ. හැබැයි ඒ බැංකුවේ මගේ නමට කවදාවත් එකවුන්ට් එකක් තිබිලත් නැහැ. එතකොට මං ඉස්කෝලේ යනවා. මම හෙට අදාළ පත්තරේට විරුද්ධව සහ අල්ලස් එකට විරුද්ධව නඩු දානවා.. අද තමයි බැංකුවෙන් ස්ටේට්මන්ට් එක ලැබුණේ..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *