Post Views: 159 බැංකුවක් යනු හුදෙක් මුදල් තැන්පත් කරන ස්ථානයක් නොව, එය මහජන විශ්වාසය මත ගොඩනැඟුණු මූල්‍ය ස්ථම්භයකි. එම විශ්වාසය පළුදු වන ඕනෑම අවස්ථාවක් සමස්ත ආර්ථික පද්ධතියේම ස්ථාවරත්වයට එල්ල වන්නේ ප්‍රබල තර්ජනයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන NDB බැංකුවෙන් වාර්තා වූ රුපියල් බිලියන 13.2 ක දැවැන්ත මූල්‍ය වංචාව, මෑත ඉතිහාසයේ මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ සිදු වූ බරපතළම කැලඹීම ලෙස සැලකිය හැකිය. මූල්‍ය විශ්ලේෂකයෙකු සහ විමර්ශනාත්මක ලේඛකයෙකුගේ ඇසින් මෙම සිදුවීම පිටුපස ඇති සැඟවුණු සත්‍යය විමසා බැලීමේදී හෙලිවන කරුණු ගණනාවකි. මිලියන 380 සිට බිලියන 13.2 දක්වා වූ අදහාගත නොහැකි පිම්ම.2026 අප්‍රේල් 2 වන දින බැංකුව මුලින්ම අනාවරණය කළේ රුපියල් මිලියන 380 ක අලාභයකි. එහෙත් අප්‍රේල් 6 වන දින වන විට එම අගය 34 ගුණයකින් ඉහළ ගොස් රුපියල් බිලියන 13.2 ක් දක්වා වර්ධනය වී තිබුණි. මෙවැනි අතිවිශාල පරතරයක් සහිත දත්ත නිකුත් වීම බැංකුවේ අභ්‍යන්තර නිරීක්ෂණ පද්ධතිවල (Real-time monitoring) පවතින බරපතළ දුර්වලතාවකි. බැංකුවට මුල් අදියරේදී අලාභය නිසි ලෙස තක්සේරු කිරීමට නොහැකි වීමෙන් හැඟී යන්නේ, වංචාව කොතරම් සංකීර්ණ සහ බහුවිධ ස්ථරයන්ගෙන් යුක්තව සිදු කර ඇති ද යන්නයි. දැනට නිකුත් කරන නිවේදන වල සඳහන් වන්නේ, “මෙම වංචාව ආසන්න වශයෙන් රුපියල් බිලියන 13.2 ක් බවට හඳුනා ගෙන තිබේ.” යන ලෙසයි. වංචනිකයන් සිටින්නේ බැංකුව තුලමද ?මෙම මූල්‍ය සොරකම හුදෙක් බාහිරින් පැමිණි හැකර් ප්‍රහාරයක් නොව, අභ්‍යන්තරයේම සහය ඇතිව සිදු වූවක් බවයි දැනට කෙරී ඇති විමර්ශණ අනුව හෙලිව ඇත්තේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කළ වාර්තාවලට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ තෙවන පාර්ශවයක ආධාර ඇතිව බැංකු සේවකයින් පිරිසක් විසිනි.බැංකුව වහාම ක්‍රියාත්මක වී අදාළ අංශය වෙනම අධීක්ෂණයක් (Separate supervision) යටතට පත් කිරීමටත්, පද්ධති ප්‍රවේශ පාලනයන් (Access controls) ශක්තිමත් කිරීමටත් පියවර ගෙන ඇත. එහෙත්, බැංකු පද්ධතියේ රහස්‍යභාවය හඳුනන පිරිසක්ම මෙයට සම්බන්ධ වීමෙන් පෙනී යන්නේ තාක්ෂණික ආරක්ෂාවට වඩා “අභ්‍යන්තර විනය” පිරිහී ඇති බවයි. තැන්පත්කරුවන් සුරක්ෂිත වුවත් කොටස්කරුවන්ට මාරාන්තික පහරක්මහ බැංකුව සහ NDB බැංකුව සහතික කරන පරිදි ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට හානියක් සිදුවී නොමැත. මෙම වංචාව නිසා කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට බලපෑම් සිදු වී නොමැති බව NDB බැංකුව නිවේදනයක්ද නිකුත් කරමින් සිය ගණුදෙනු කරුවන්ට සහතික වී ඇත. එහෙත් කොටස්කරුවන්ගේ තත්ත්වය ඊට වෙනස්ය. බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය රැක ගැනීම සඳහා 2026 අප්‍රේල් 6 වන දින ගෙවීමට තිබූ මුදල් ලාභාංශ (Cash Dividends) අත්හිටුවීමට බැංකුව තීරණය කර ඇත. කෙසේ වෙතත්, කොටස් ලාභාංශ (Scrip Dividends) සැලසුම් කළ පරිදි ලබා දෙන බව බැංකුව ප්‍රකාශ කර තිබේ.මූල්‍ය විශ්ලේෂණයකට අනුව, මෙම අලාභය පියවීමෙන් පසු 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 4 ක බදු පසු අලාභයක් (Loss after tax) අපේක්ෂා කරයි. මෙය බැංකුවේ ද්‍රවශීලතාවය (Liquidity) සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය (Capital Adequacy) කෙරෙහි කෙටි කාලීන බලපෑමක් එල්ල කළ හැකි සාධකයකි. අතීතයේ සෙවණැලි සහ පද්ධතිමය අවදානමමෙය හුදකලා සිදුවීමක් නොවේ. 2025 නොවැම්බර් මාසයේදී ද රුපියල් මිලියන 290 ක වංචාවක් සම්බන්ධයෙන් මෙම බැංකුවේම තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ප්‍රධාන ශාඛාවේ නියෝජ්‍ය කළමනාකරුවෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.එම සිදුවීමෙන් මාස 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙවැනි දැවැන්ත වංචාවක් සිදුවීමෙන් හැඟී යන්නේ, ඉහළ කළමනාකාරීත්වයේ අධීක්ෂණ ධුරාවලියේ පවතින අසාර්ථකත්වයයි. 2025 වසරේ සිදුවීමෙන් පසු බැංකුව තම අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය Forensic මට්ටමින් ප්‍රති-සංවිධානය කිරීමට අපොහොසත් වී ඇති බව මින් ගම්‍ය වේ. විගණනයේ ගැටලු සහ මහජන විවේචනරුපියල් බිලියන 990 ක වත්කම් ඇති බැංකුවක මෙවැනි වංචාවක් දිගුකාලීනව සිදුවන තෙක් හඳුනා ගැනීමට නොහැකි වීම “මහා පරිමාණ විගණන නිලධාරීන්” (Big 4 auditors) කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට හේතු වී ඇත. සමාජ මාධ්‍ය හරහා එල්ල වන ප්‍රබල විවේචනය වන්නේ, වාර්ෂිකව මිලියන ගණනින් ගෙවා සිදු කරන බාහිර විගණනවලින් මෙවැනි බිලියන ගණනක සිදුරු හඳුනා ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නයි. මෙම සිදුවීම බැංකුවේ අභ්යන්තර විගණන ව්‍යුහය (Internal Audit structure) පිළිබඳ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් විය යුතු බව මහජන විශ්වාසයයි. NDB බැංකුව වත්මන් නීතිමය රාමුව තුළ ශක්තිමත්ව පවතින බවත්, මහ බැංකුවේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ද්‍රවශීලතා ආධාරක ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් පවසමින් තැන්පත්කරුවන් සැනසීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, මූල්‍ය ස්ථාවරත්වය යනු හුදෙක් ඉලක්කම් සමබර කිරීම පමණක් නොව, ආයතනික විනය සහ විනිවිදභාවය රැක ගැනීමයි. මේ තත්වය තුල ඩිජිටල්කරණය වන බැංකු පද්ධතියක ගණුදෙනුකරුවන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට තාක්ෂණික දියුණුවට වඩා අභ්‍යන්තර විනය වැදගත් වන බව යලි යලිත් තහවුරු වේ. Post navigation St. Joseph’s College to Unveil Sponsors Ahead of 2026 Schools’ Rugby Season