හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අනීතික නියෝග මත සිදුකල බවට චෝදනා එල්ලවන වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිදුවීමට සැකකරුවෙකු වූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකුට ජීවිතය අහිමිවූ අතර මෙම සිදුවීමට සෘජුවම චෝදනා එල්ලවූයේ එවකට පොලිස්පති ලෙස කටයුතු කල දේශබන්දු තෙන්නකෝන් මහතාටයි. අදාල සිදුවීමේ පරීක්ෂණ කටයුතු සිදුවන විට එවකට පොලිස් පරීක්ෂක ධූරයේ සිටි ජගත් නිශාන්ත විදේශගත විය.

හිටපු පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු ද නිකුත් කර තිබුණ අතර ඔහු විදේශගතව සිට ඊයේ (23) දිවයිනට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *