Post Views: 193 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ තරඟයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟය එංගලන්තයත් සමඟ අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කල අතර ඒ අනුව පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 146 ක් රැස්කරන ලදී.පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එකපිට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් කටයුතු කල අතර එහි ප්‍රථිපලයක් ලෙස පන්දුවාර 16.4 කදී සියළු දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 95 ක් පමණකි.ඒ අනුව, සුපිරි 8 වටයේ පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. Post navigation වාර්තා අළුත් කරමින් T-20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයට තේරුන ශ්‍රී ලංකාව. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.