පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුනු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩාම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181 ක් රැස්කිරීමට සමත් උනා.

තරගය ජය ගැනීමට ලකුණු 182 ක ඉලක්කයක් ඇතුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී තරගයේ 18 වන පන්දු වාරයේ දී ජයග්‍රාහි ලකුණ වාර්තා කිරීමට කටයුතු කලා. තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 100 ක් රැස් කළ අතර, එය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකයත් පන්දුවාර 20 ලෝක කුසලාන තරඟයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු ලබාගත් පළමු ශතකය වීමත් විශේෂත්වයක්. පන්දු 52 කදී ගොඩ නැගූ ඔහුගේ ශතක ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත් වුනා.

මෙම තරඟයේදී කුසල් මෙන්ඩිස් පන්දු 38 කින් ලකුණු 51 ක්ද පවන් රත්නායක පන්දු 15 කින් නොදැවී ලකුණු 28 ක්ද රැස් කරමින් තරගයේ ජයග්‍රහණයට සිය දායකත්වය මනාව ලබාදුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි අටදෙනාගේ වටය සඳහා සුදුසුකම් හිමිකර ගත්තා.

https://smn24news.blogspot.com/2026/02/blog-post_17.html

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *