Post Views: 145 පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වඩාත් කතාබහට ලක්වූ තරගය වන ඉංදියාව සහ පාකිස්තානය අතර තරඟය අද පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. අද පස්වරු 7.00 ට ආරම්භවූ මෙම තරඟය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ද ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. මෙම තරගය පිළිබද දෙස් විදෙස් සියලු දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණේ පකිස්ථාන කණ්ඩායම තරගය වර්ජනය කරන බවට කල ප්‍රකාශයත් සමගයි. මෙම ගැටලුකාරීත්වය දින කිහිපයක් පැවැති අතර අනතුරුව තරගය සදහා පකිස්ථාන කණ්ඩායම සහභාගී වන බව නිළ වශයෙන් දැනුම් දීමත් සමඟ තරඟය නැරඹීමට අති විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවය 35,000 කට සීමා වුවත් ලක්ෂ ගණනාවක් ප්‍රේක්ෂකයින් ප්‍රවේශපත් මිළදී ගැනීමට පොදි කමින් කටයුතු කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන ලදී. දැඩි ආරක්ෂක විධිවිධාන සහිතව පැවති මෙම තරගය ආරම්භයට පෙර තරගාවලියේ සන්නාම තානාපති ඉන්දීය ක්‍රිකට් කීඩක රෝහිත් ශර්මා විසින් ශූරතා කුසලානය ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබුවා. අනතුරුව, තරගයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කලේ ඉෂාන් කිෂන් සහ අභිශේක් ෂර්මා. ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව එක් ලකුණකට සීමා කරමින් අභිශේක් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා. ඉෂාන් කිෂන් පන්දු 40 කදී ලකුණු 77 ක් රැස් කලේ 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් සමග.තිලක් වර්මා ලකුණු 25 කට දැවී ගිය අතර නායක සූර්ය කුමාර් යාදේව ලකුණු 32 යි.ශිවාම් ඩුබේ ලකුණු 27 ක් රැස් කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවි ලකුණු 175 ක් රැස් කළා. අනතුරුව තරගය ජය ගැනීම සදහා ලකුණු 176 ක ඉලක්කයක් සමග පකිස්ථාන ඉනිම ආරම්භ කලේ සහිබ්සාඩා ෆර්හාන් සහ සයිම් අයුබ්.පළමු කඩුල්ල ලෙස ෆර්හාන් ලකුණු නොලඹා දැවී ගිය අතර අයුබ් ලකුණු 6 යි. පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 34 කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උස්මාන් ඛාන් ලකුණු 44 යි.පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 18 කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 114 ක් රැස් කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 61 කින් තරඟයේ ජය වාර්තා කලා. Post navigation All tickets are sold out. police advice to public not to come RPC ground area without ticket. වාර්තා අළුත් කරමින් T-20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයට තේරුන ශ්‍රී ලංකාව.