ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය ( Sri Lanka Government Services Cricket Association – SLGSCA) රාජ්‍ය අංශයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලි සංවිධානය කිරීම සඳහා ස්ථාපිත කරන ලද ප්‍රධානතම ක්‍රීඩා සංගමයකි. මෙරට රාජ්‍ය අංශයේ ක්‍රිකට් ක්‍රීඩා සංගම් ගණනාවක එකතුවකින් සෑදි මෙමගින් රාජ්‍ය සේවකයින්ගේ ක්‍රිකට් දක්ෂතා නංවාලීම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේදී ඓතිහාසික මෙහෙවරක් ඉටු කර ඇත.

සෑම වසරකම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන “රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලිය” (Government Services Cricket Tournament) පවත්වාගෙන යාම මෙහි ප්‍රධානතම කාර්යයක් වන අතර මෙරට ප්‍රධානතම ක්‍රිකට් සමාජ හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායක වූ ක්‍රීඩකයින් ගණනාවක් සිය ආරම්භක වෘත්තීය ක්‍රිකට් දිවිය මෙම තරඟාවලි හරහා ඔපමට්ටම් කර ගන්නා ලදී.

මෙම සංගමයේ 2026/27 වසර සදහා නව නිළධාරී මංඩලයක් පත්කර ගැනීමේ නිළවරණය ඊයේ (12) දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවත්වුනු අතර පසුගිය දෙවසර තුල සභාපති ලෙස කටයුතු කල පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ඉදිරි දෙවසර සදහා යලිත් නිතරඟයෙන් පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව ඉදිරි දෙවසර සඳහා පත්වූ නව නිළධාරි මංඩලය පහත පරිදි වේ,

ගරු අනුශාෂක ෂම්මි සිල්වා මහතා – සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ගරු උපදේශක 1 – චන්න වීරක්කොඩි මහතා – හිටපු නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්
ගරු උපදේශක 2 – එම්.කේ.සී. නාලක මහතා – ජ්‍යෙෂ්ඨ රසායනාගාර කාර්මික ශිල්පි
ගරු උපදේශක 3 – උපුල් කුමාරප්පෙරුම මහතා – ජනාධිපති උපදේශක

ගරු සභාපති කමල් පුෂ්පකුමාර මහතා – පොලිස් ක්‍රීඩා සමාජය
ගරු ලේකම් පී.ජී. සමන් පීරිස් මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය
ගරු භාණ්ඩාගාරික පී.ජී.ජී. ‍සෙනරත් යාපා මහතා – විදේශ සේවා නියුක්ති කාර්යංශය

උප සභාපති 1 – සංජීව ජයසිංහ මහතා – කොළඹ විශ්ව විද්‍යාලය
උප සභාපති 2 – ආර්.පී.ජී. සමන් කුමාර මහතා – මුදල් අමාත්‍යාංශය
උප සභාපති 3 – ඩී.ජේ.එම්.ජේ. සමරසේකර මහතා – රේගු දෙපාර්තමේන්තුව
උප සභාපති 4 – ඒ.එස්. ගජනායක මහතා – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
උප සභාපති 5 – දර්ශන අමරසිරි මහතා – මිනින්දෝරු දෙපාර්තමේන්තුව

උප ලේකම් 1 – තිළිණ අමරසිංහ මහතා – දේශිය ආදයම් දෙපාර්තමේන්තුව
උප ලේකම් 2 – ආර්.සී.එම්.ජේ. ප්‍රනාන්දු මහතා – කැළණීය විශ්ව විද්‍යාලය

උප භාණ්ඩාගාරික කේ.එම්.ඩී. කෝනාර මහතා – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

විධායක සභාව නියෝජනය කරන ක්‍රීඩා සමාජ 15

  1. පොලිස් දෙපාර්තමේන්තුව
  2. බන්ධනාගාර දෙපාර්තමේන්තුව
  3. සෞඛ්‍ය අමාත්‍යාංශය.
  4. අධ්‍යාපන අමාත්‍යාංශය
  5. රජයේ මුද්‍රණාලය
  6. දුම්රිය දෙපාර්තමේන්තුව
  7. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය
  8. මොරටුව විශ්ව විද්‍යාලය
  9. දුම්රිය දෙපාර්තමේන්තුව
  10. කම්කරු දෙපාර්තමේන්තුව
  11. කොළඹ මහ නගර සභාව
  12. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
  13. නීතිපති දෙපාර්තමේන්තුව
  14. විදුලිබල මණ්ඩලය
  15. සුරාබදු දෙපාර්තමෙින්තුව

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *