මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කර සිරුර කැලණි ගගේ ගිල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය හයවැනි ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් තිලකරත්න යන අයයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන සැකකරු ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට භාර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඊයේ දහවල් යුද හමුදාව විසින් අදාල සැකකරු පොලිසියට භාර දීමෙන් පසු උතුරු කොළඹ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ අයගේ බිරිඳ සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සොල්දාදුවන් 13 දෙනෙකු පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිදුවීම පිළිබදව වාර්ථා වු වහාම යුද හමුදාපතිවරයා අදාළ හමුදා නිලධාරීන්ට උපදෙස් දුන්නේ යුධ හමුදාවේ කීර්තිනාමය සුරැකීම සදහා අපරාධ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව සැකකරුවන් වරදකරු වුවහොත් වහාම දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එමෙන්ම අදාල නිළධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි අණදෙන නිළධාරි තනතුරින්ද ඉවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *