Post Views: 245 ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී හා ජත්‍යන්තර මුහුදු තීරයේ දී ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් මෙරටින් ධීවර රැකියාව සදහා පිටව ගිය බහුදින ධීවර යාත්‍රා තුනක ධීවරයින් හට අමානුෂික ලෙස පහරදීමක් පසුගියදා වාර්තා විය. වෙන්නප්පුව, වෙල්ලමන්කරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා තුනක සිටි ධීවරයින් 12 දෙනෙකුට ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකල බවට ධීවරයන් චෝදනා කර තිබුනි. මින් බෝට්ටු දෙකකට පහර දී ඇත්තේ පසුගිය 29 වනදා වන අතර ඉන් අනතුරුව 30 වැනිදා තවත් බෝට්ටුවකට පහරදී ඇත. ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව ධීවරයින් පැවසීය. පහර කෑමට ලක්වු ධීවරයින් අතරින් කිහිපදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා තත්වයක් මත මේ සිදුවීම සම්බන්ධයෙන් රජය විසින් කඩිනම් හා දැඩි පරීක්ෂණයක් සිදුකළ යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා සඳහන් කර ඇත. මේ තත්වය මත සිය ධීවර රැකියාව අඛන්ඩව කරගෙන යාමට නොහැකි බැවින් එකී පහර දීම හෙලා දැකීමත්, ඔවුන්ට සාධාරණයක් ඉටුකර ගැනීමත්, ධීවර රැකියාව සිදු කරන අනෙකුත් ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම” යන ඉල්ලීම් අරමුණු කරමින් සමස්ත ලංකා බහුදින ධීවරයින්ගේ වෘත්තීය සංගමය සහ පහර කෑමට ලක් වූ ධීවරයින්ගේ පවුල් වල ඥාතීන් විසින් අද (05) උදෑසන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. Post navigation Expert Discussion on Crisis Reporting Held in Colombo. විදුලි බිල අඩු කරගැනීමේ ‘සෝලර්’ මායාව සහ රත් වන ලංකාවේ අමිහිරි ඇත්ත.