Post Views: 329 එක්සත් ජනපද නාවික සීල්භට පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොයන් චමිත අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ ලුතිනන්වරයකු වූ කොයන් චමිත 28 හැවිරිදි වියේ පසුවූ අතර, වැලිසර කඳවුරේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකු බවයි නාවික හමුදාව පවසන්නේ. ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම නිලධාරියා එක්සත් ජනපද නාවික සීල් භට පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ නිලධාරියෙක් බවත්, කීර්තිමත් සීල් පදක්කම් ලාභී පළමු ශ්‍රී ලාංකිාකයා වන්නේ ද මෙම නිලධාරියා බවත් නාවික හමුදාව පවසනවා. 2025 වසරේදී ඔහු ලෝකයේ වඩාත්ම දුෂ්කර හමුදා පුහුණුවක් වූ මාස 14 ක සීල් පුහුණුව සම්පූර්ණ කර මෙරටට පැමිණ නාවික හමුදාවේ රාජකාරි ආරම්භ කළේ ය. නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (28) පැවැත්වීමට නියමිත බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. Post navigation රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කළ රේන්බෝ හිමිකරු යළිත් රිමාන්ඩ්… සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති රුපියල් බිලියනයක් ඉල්ලා නඩු මඟට.