තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය එක්ව සංවිධානය කරන Lanka Ride දීප ව්‍යාප්ත පාපැදි සවාරිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (12) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වසර 21 ක දීර්ඝ කාලයකින් පසු මෙම දැවැන්ත පාපැදි තරඟාවලිය නැවත ආරම්භ කිරීම මෙහි ඇති විශේෂත්වය වන අතර පසුගිය කාල සීමාවේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය නිසා තරඟය පැවැත්වීම කල් යන ලදී. මේ වන විටදී රටේ තත්වය තරමක් යහපත් වෙමින් පවතින නිසා සංචාරක ආකර්ෂණයක්ද ඇති කිරීම අරමුණු කරගෙන එළඹෙන 16 දින මෙය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ දායකත්වය සපයන අතර ලේක්හවුස් ආයතනය මෙහි නිල මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඒ අනුව, දින තුනක තරඟයක් ලෙස පැවැත්වෙන මෙය,
පළමු දිනය (ජනවාරි 16)
පෙරවරු 9.00 ට කොළඹ ලේක්හවුස් ආයතනය අසලින් ආරම්භ වී, පෑලියගොඩ දක්වා ‘සංකේතාත්මක ගමනක්’ (Free Ride) ලෙස පැමිණෙන අතර, නිල තරඟය පෑලියගොඩින් ආරම්භ වීමට නියමිතය. කිලෝමීටර් 105 ක දුරක් ගෙවා එදින පස්වරු 12.30 ට පමණ මහනුවර ගන්නෝරුවෙන් පළමු අදියර නිමාවේ.
දෙවන දිනය (17)
මහනුවර සිට අනුරාධපුරය දක්වා වන අතර, කිලෝමීටර් 135.5 ක දුරක් තරඟය පැවැත්වේ.
තෙවන දිනය හෙවත් අවසන් දිනය (18)
අනුරාධපුරයේ සිට පුත්තලම පාර හරහා කොළඹ දක්වා කිලෝමීටර් 208 ක දුරක් ගෙවා පැමිණෙන අතර, තරඟය කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසලින් නිමාවට පත්වේ.

අදියර ජයග්‍රහකයින් සඳහා,
1 වැනි ස්ථානය – රු. 50,000,
2 වැනි ස්ථානය – රු. 30,000,
3 වැනි ස්ථානය – රු. 20,000,
4 වැනි ස්ථානය – රු. 15,000,
5 වැනි ස්ථානය – රු. 10,000.

සමස්ත තරඟයේ ජයග්‍රහකයින් සඳහා,
1 වැනි ස්ථානය – රු. 600,000
2 වැනි ස්ථානය – රු. 500,000
3 වැනි ස්ථානය – රු. 400,000
4 වැනි ස්ථානය – රු. 300,000
5 වැනි ස්ථානය – රු. 200,000
6 සිට 10 දක්වා – රු. 100,000 බැගින්
11 සිට 15 දක්වා – රු. 75,000 බැගින්
16 සිට 20 දක්වා – රු. 50,000 බැගින්
21 සිට 25 දක්වා – රු. 25,000 බැගින්

විශේෂ ත්‍යාග
වේගවත්ම ක්‍රීඩකයා (Best Sprinter) – රු. 100,000,
King of the Mountain – රු. 100,000,
අනුශූරතාවය – රු. 100,000,
හොඳම යොවුන් පාපැදිකරු – රු. 200,000 සහ හොඳම කණ්ඩායම – රු. 200,000.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *