Post Views: 74 රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීමක් වාර්තා උනා.ඇමරිකානු බලධාරීන් සදහන් කරන්නේ, ඇමෙරිකාව ඉන්ධන ප්‍රවාහනය වළකාලමින් සම්බාධක පනවා තිබූ බෙලා 1 නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව මරිනෙරා ලෙස නම වෙනස් කරගෙන යාත්‍රාකල නිසා එය මෙසේ අත් අඩංගුවට ගත් බවයි. ඒ වගේම මෙම නෞකාව වෙනිසියුලාව සමගත් සම්බන්ධකම් තිබෙන බවත් ඇමරිකානු බලධාරීන් සදහන් කරනවා.කෙසේ වෙතත්, මෙම නෞකාව ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩිව සිය විරෝධයට පළ කර තිබෙන අතර ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමුද්‍රිය නීතිය උල්ලංඝනය කර ඇති බවයි. වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සදහන් කලා ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගනිමින්, ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කරන බව. මේ ඇමරිකානූ ඒකාධිපතීත්වය සම්බන්ධයෙන් ලොව පුරා රටවල් ගණනාවක් සිය විරෝධය පල කර තිබෙනවා.ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක රාජධානියේ ස්වාධීන භූමියක්. මේ වන විට ස්වාධීන රාජ්‍යයක් ලෙස ලොව පිලිගත්තත් එය තවමත් ඩෙන්මාර්කයේ අර්ධ පාලනයක් සහිතව ඇති දූපතක් ලෙස සලකන්න පුළුවන්. දැනටත් ග්‍රීන්ලන්තයේ ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටුවා තිබෙන අතරම ට්‍රම්ප් මෙය මිලදී ගැනීමට උත්සහා කල නමුත් එය සාර්තක නොවීම මත වරින් වර මේ ආකාරයේ තර්ජන එල්ල කිරීම් කර තිබෙනවා. කෙසේ වෙතත්, පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍යය සදහන් කරන්නේ, ග්‍රීන්ලන්තය පිහිටි ආක්ටික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන් බැඳී සිටින බවත්, ඇමරිකානූ ජනපතිට හිතුමතේ ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය, දේශසීමා උල්ලංඝනයක් කළ නොහැකි බවත්ය. මේ අතරම වෙනිසියුලානු සිදුවීමෙන් පසුව ට්‍රම්ප් ඉරානය දෙසටත් සිය අවධානය යොමුකර ඇති ආකාරයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ වන විට ඉරානය තුල පවතින පාලනයට එරෙහිව එරට තුල ඇතිව තිබෙන විරෝධතා තුලින් එරට පාලනය බිද හෙලා ඇමරිකාවට හිතවත් පාලනයක් ස්ථාපිත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමේ අවධානමක්ද ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා සදහන් කරනවා. වෙනිසුලාවේ නව පාලනය ඇමරිකාවත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකගවීම මත එරටින් ඉහල මට්ටමේ බොරතෙල් බැරල් මිලියන 50 ක් ඇමරිකාව වෙත ලබා ගැනීමට ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. Post navigation Maduro says ‘I’m still president’ as he pleads not guilty in court. ලෝක බලවතුන්ගේ නම් ගෑවුනු “එප්ස්ටීන් ලිපිගොනු” වල ශ්‍රී ලංකාවේ නමත් සඳහන් වෙයි.