සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6 ක පරාජයක් භාරගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) සිදුවිය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගත්තේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 17( 16.4)වන පන්දුවාරයේදී පසුකර යෑමට පාකිස්තානය සමත් විය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සහිබ්සදා ෆර්හාන් පන්දු 36කට මුහුණදෙමින් ලකුණු 51ක් රැස්කර පාකිස්තානු ජය පහසු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්හ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *