Post Views: 58 ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්ද හතරකින් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන අලෝක බණ්ඩාර මහතාට හැකිවී තිබෙනවා. ඒ වයඹ පළාත් කොමසාරිස් සංජීවනී හේරත් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා උප සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (06) පස්වරුවේ පැවති අවස්ථාවේදීයි. එහිදී සභාපති හා උප සභාපති යන තනතුරු දෙකම ජාතික ජන බලවේගයට හිමි වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු පත් කිරීම සඳහා පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් අවස්ථා දෙකකදී ඡන්ද විමසීමට කටයුතු කර තිබුණද රහස් ඡන්දයට විරෝධය මතු කරමින් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය සභාව වර්ජනය කරමින් නැඟිටයෑම නිසා සභාවේ ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් එය කල්දැමීමට පළාත් පාලන කොමසාරිස්වරියට සිදු වුණා. පළාත් පාලන කොමසාරිස්ට හිමි අවස්ථා දෙක ඉක්මවීම හේතුවෙන් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් හරහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර තිබූ අතර පසුව නීතිපති උපදෙස් මත නැවත මැතිවරණ කොමසාරිස් විසින් ඊයේ (06) මෙලෙස සභාව කැඳවීමට වයඹ පළාත් පාලන කොමසාරිස්ට බලය ලබාදී තිබුණා. ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරිය මෙලෙස ඡන්ද විමසීම සිදුකිරීම සඳහා පැමිණ සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නැවත ඡන්ද විමසීම කැඳවා ඒ පිළිබඳව විවෘත ද එසේ නැතිනම් රහස්ද යන්න සභාවෙන් විමසීමේදී මත දෙකක් නැවතත් ඉදිරිපත් වීම සිදුවූ අතර රහස් ඡන්දයක් ජාතික ජන බලවේගය කණ්ඩායම ඉල්ලා සිටි අතර පොදු විපක්ෂය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා. මත දෙකක් හේතුවෙන් කුමන මතයද යන්න විමසීමට රහස් ඡන්ද විමසීමේදී සභාවේ මන්ත්‍රීවරු 31 දෙනා අතරින් 17 දෙනෙකු රහස් ඡන්දයක් බවටත් 15 දෙනෙකු විවෘත ඡන්දයක් බවටත් තම ඡන්දය භාවිත කර තිබුණි. ඒ අනුව සභාපතිවරයකු තෝරා පත් කර ගැනීමට ජාතික ජන බලවේගය පක්ෂයෙන් ආලෝක බණ්ඩාර මහතාත් පොදු විපක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කළ අනුෂ්ක ප්‍රියශාන්ත යන දෙදෙනා තරග වැදුණා. එහිදී ජාතික ජන බලවේගය පක්ෂ නියෝජනය කළ අලෝක බණ්ඩාර මහතා ඡන්ද 18ක් ලබා ගනිමින් සභාපති ධුරය සඳහා පැවති ඡන්දය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබූ අතර පොදු විපක්ෂය නියෝජනය කළ අනුෂ්ක ප්‍රියශාන්ත මහතාට ලැබී තිබුණේ ඡන්ද 13ක් පමණයි. පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය පක්ෂය කොට්ඨාස 17න් 14 ක මන්ත්‍රිධුර ලබා ගැනීමට සමත්ව තිබූ අතර කොට්ඨාස තුනක් පරාජය වුණ අතර. නමුත් ප්‍රසාද මන්ත්‍රිධුර පත් කිරීමේදී සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු පක්ෂවලට මන්ත්‍රිධුර 17ක් ලබා ගැනීමට හැකිව තිබුණි. ජයග්‍රහණය කළ තම සභාපතිවරයා පිළිගැනීමට ආණමඩුව ප්‍රාදේශීය සභාව අසල රැස් වී සිටි ජාතික ජන බලවේගය පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා පත්තු කිරීමක් හෝ නොකර නිහඬ ලෙස තම සතුට සමරමින් සුබ පැතීම විශේෂත්වයක්. Post navigation BTS නව ගීත ඇල්බමය මාර්තු 20 එළිදැක්වෙයි. WEATHER FORECAST FOR 19 JANUARY 2026