Post Views: 93 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.එමෙන්ම මසක් තුළ ඉැපැයූ වැඩිම මාසික අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 205 ක් ද උපයා ගැනීමට ද පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සංස්ථාවට හැකි වී ඇත. මෙම කරුණූ අනාවරණ වුයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නව නිෂ්පාදන 07 ක් හඳුන්වාදීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්ථා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දී ය. සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, නිකවැරටිය, දංගොල්ල, මැදවච්චිය යන ප්‍රදේශවල සංස්ථාව සතු ඔසු උයන් වල කෙටි කාලීන, මධ්‍ය කාලීන දිගු කාලීන නව ඔසු බෝග වගා කටයුතු සිදු කිරීමට ද අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ඒකාබද්ධව “ඔසු දිරිය” වගා වැඩසටහන යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුර, පදවිය සිවිල් ආරක්ෂක බළකා කඳවුර, රඹෑව සිවිල් ආරක්ෂක බලකා කඳවුර යන ස්ථානවල වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට ද සංස්ථාව කටයුතු කර ඇති බව ද පැවැසුවා ය. එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව හීන් අරත්ත පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ද පසුගිය වර්ෂයේ දී සාර්ථකව ආරම්භ කිරීමට සංස්ථාවට හැකි වූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. මෙහිදී, අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. මෙම අවස්ථාවට මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, මහරගම නාගරික මන්ත්‍රීවරුන් වන සමන් තලගල, මොහොමඩ් හයිරුඩීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සමන්ති රණසිංහ සහ ශම්මි දෙනාවත්ත, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී සී කරුණාරත්න, කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ මාරසිංහ, ආයුර්වේද කොමසාරිස් දීප්ති සුමනසේන, යන මහත්ම මහත්මීන් මෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවල නිළධාරීන්, දේශීය ආයුර්වේද විශ්ව විද්‍යාලයන්හි ආයුර්වේද වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිවරුන්, අලෙවි නියෝජිතවරුන් ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටිය හ. Post navigation ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත්වේ. சுகாதார துணை அமைச்சர் டாக்டர் ஹன்சக விஜேமுனி சமீபத்தில் களுபோவிலவில் உள்ள கொழும்பு தெற்கு போதனா மருத்துவமனைக்கு விசேட ஆய்வு விஜயம் ஒன்றை மேற்கொண்டார்.