නවගමුව කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ ඊයේ (01) දින රාත්‍රී කාලයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇත.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත. මරණකරු වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *