මෙරට පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසයක් දිනූ සන්නාමයක් වන SINGER (Sri Lanka) PLC සමාගම විසින් පසුගිය දා TAILG විද්යුත් යතුරුපැදි මෙරට වෙළෙඳපල වෙත හඳුන්වා දෙමින් මෙරට විද්යුත් ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසුණේය.
විද්‍යුත් යතුරුපැදි නිෂ්පාදනය පිළිබඳ ලොව දැවැන්තම නිෂ්පාදකයෙකු වන TAILG සමඟ එක් වීම තුලින් SINGER, තිරසාර නිෂ්පාදන කෙරෙහි දක්වන කැපවීම මෙන්ම පාරිභෝගික ජනතාව වෙත පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා ඔවුන් සතු අභිලාෂයන් මැනවින් පිළිබිඹු වේ.

2004 දී චීනයේ ආරම්භ කරන ලද TAILG සමාගම, මේ වන විට ලොව පුරා රටවල් 90 කට අධික සංඛ්යාවක් වෙත සිය නිෂ්පාදන අපනයනය කරන ගෝලීය නිෂ්පාදකයකු බවට පත්ව තිබේ. TAILG හි තාක්ෂණික ප්‍රවීණතාවය සමඟ SINGER එක්වීම ඔස්සේ ජාත්යන්තර කාර්ය සාධන මට්ටමට ළඟා වූ විද්යුත් වාහන පෙළක් අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාව ද සමඟ මෙරට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *