රජයේ පාලනයක් සහිත ලංකා සීනි සමාගම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිය නිෂ්පාදන කෙලින්ම පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමක් නොකල අතර පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදන තොග අලෙවිකරුවන් වෙත ලබාදීම සිදුකරන ලදී. මේ තත්වය වෙනස් කරමින් පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක් ඇති කිරීම අරමුණු කොට එහි පළමු සිල්ලර අලෙවි ශාඛාව ඊයේ (11) නුගේගොඩදී විවෘත කෙරුනි.

2011 වසරේදී රජයේ පාලනය යටතට පත්වූ ලංකා සීනි සමාගම මෙරට විශාලතම සීනී නිෂ්පාදකයා වන අතර මෙරට වාර්ෂික සීනී අවශ්‍යතාවයෙන් 8% ක් ලබාදීම සිදුකරයි. එමෙන්ම මෙරට එතනෝල් අවශ්‍යතාවයෙන් 37% ලබාදෙන්නේද ලංකා සීනි සමාගම විසිනි. එසේ වුවත් මෙතෙක් කලක් සමාගමට තමන්ගේම අලෙවි ජාලයක් නොතිබීම පාරිභෝගික ජනතාවට බලවත් අපහසුතාවයක් මෙන්ම පාඩුවක් විය. මේ තත්වය මඟහරවා පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව මෙම අලෙවි ජාලය ආරම්භ කෙරුනි.

මෙලෙස ආරම්භකරණ ලද ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් පාරිභෝගිකයන්ට තත්වයෙන් උසස් දේශීයව නිෂ්පාදිත දුඹුරු සිනි අඩුමිලට ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ හරහා උක් ගොවි පවුල් දෙලක්ෂ පනස්දහසක් ශක්තිමත් කිරීමද අවස්ථාව උදාවෙයි. නුගේගොඩ නාවල පාරේ පිහිටි දුඹුරු සීනි තොග හා සිල්ලර අලෙවි සැල මගින් උක් බීම, හකුරු, උක්පැණි ආදී ලෙස විවිධාංගිකරණය කරන ලද නිෂ්පාදන පෙළක්ද පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සීනි සමාගම සැලසුම් කර තිබෙන බව ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර මහත්මිය මෙහිදී සදහන් කලාය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු පළමු අලෙවි ශාඛාවේ සමාරම්භක අවස්ථාව සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන, ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා සීනි සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.   

එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…
🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news
🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news
🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl
🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com
🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk
🛑ටික්ටොක්/tiktok  https://vt.tiktok.com/ZSF55Fjqt/
🛑ඉන්ස්ටග්‍රෑම්/instagram  https://www.instagram.com/smn24lk/
🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *